GPS වෙනුවට ලාභදායී විසඳුමක් චීනයෙන්
බේ ඩූ ලෙසින් හඳුන්වන GPS හි චීන තරඟකාරීත්වය පලමු වරට ආසියා පැසිෆික් කලාපයේ පාරිභෝගිකයන් සඳහා ලැබී ඇත.
වසර 3ක් තුල චන්ද්‍රිකා සේවා වෙළඳ පොලේ පස්වැන්න බවට පත් වීමට එය ඉලක්ක කරයි.
කලින් හමුදා හා රජයේ සේවයට පමණක් යොදා ගත් චන්ද්‍රිකා ජාලය දැන් වාණිජ කරණය වී තිබේ.
පිහිටීම හා මාර්ග දැක්වීම, කාල නිර්ණය සහ කෙටි පණිවුඩ සඳහා මෙම සේවා දැන් ලබාගත හැකි බවත් 2015 වන විට ආසියා පැසිෆික් චන්ද්‍රිකා සේවා වලින් 15% – 20% අතර ප‍්‍රමාණයක් අත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් බේ ඩූ ප‍්‍රකාශක රැන් චෙන් කි බීජිං හි මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කල බව ශින්හුවා නිවුස් වාර්තා කරයි. වසරකට ඩොලර් බිලියන 60 කට වැඩි ආදායමක් ඉන් අපේක්ෂිතය.
අනෙකුත් GPS සේවා වලින් මීටර් 2ක් ආසන්නයට ලබා දෙන පිහිටීම බේ ඩූ මගින් ලබා දෙන්නේ මීටර් 10ක් ආසන්නයට වුවත් සේවාවේ වියදම ඉතා අඩු බව එහි නිෂ්පාදකයේ කියති.
GPS සඳහා චන්ද්‍රිකා 30ක් භාවිතා වන අතර මේ වන විට බේ ඩූ චන්ද්‍රිකා 15ක් භාවිතා කරයි. 2020 දී සම්පූර්ණ වන විට මෙහි චන්ද්‍රිකා 40ක් පමණ පවතිනු ඇති අතර පිහිටීම වඩා නිවැරදි වනු ඇත. ඒ සඳහා වියදම ඩොලර් බිලියන 6 කි. ප‍්‍රතිවාදියාගේ හැකියාවන්ට සමාන වුවද බේ ඩූ ට ප‍්‍රධානත්වය ලැබීමට බොහෝ දුරක් යා යුතුය.
චීනයේ දැනට භාවිතා කරන උපරණ වලින් 95% ක්ම GPS භාවිතා කරයි. බේ ඩූ තවමත් සිය මූල්‍ය ඉලක්කයන් සපුරා ගෙන නැතත් විදේශ සංඥා වලට වඩා මේ ගැන ආරක්ෂක අංශ විශ්වාසය තබති.
රටවල් බොහොමයක ගෝලීය චන්ද්‍රිකා මාර්ග දැක්වීමේ අංශය දියුණු වී ඇතත් මෙම පද්ධති වලට ස්ථාවර වී ඇති GPS හා තරඟ කිරීමට හැකිවේද යන්න ඉදිරියේදී මතුවන ප‍්‍රශ්නයක් වී ඇත.

No comments:
Post a Comment