Pages

12/29/12

සිසුවිය දූෂණය කල සැකකරුවන්ට මීනිමැරුම් චෝදනා

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී බස් රථයක් තුළදී 23 හැවිරිදි සිසුවියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයට පත්ව සිටින සැකකරුවන් සයදෙනා හට මීනිමැරුම් චෝදනා ද එල්ල කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
මෙම සිද්ධියෙන් දූෂණය වූ සිසුවිය සිංගප්පුරුවේ මවුන්ට් එලිසඛෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (29) අළුයම ජීවිතක්ෂයට පත්වූවාය.

ඇගේ මෘත ශරීරය ඉන්දියාවට ගෙන යාමට නියමිතය.

මෙම පුවතත් සමග, සාමකාමීව සිටින ලෙස නවදිල්ලයේ පොලිස් කොමසාරිස් නීරජ් කුමාර් මහජනයාගෙන් ඉල්ලා සිටියි.

අද දිනයේදී රාජ්‍ය ගොඩනැගිලි ආශ‍්‍රිතව මධ්‍යම නවදිල්ලි නුවර ප‍්‍රදේශ කිහිපයක්ද දුම්රිය ස්ථාන කිහිපයක්ද වසා දමා තිබූ බවත්, නගරය පුරාවට ආරක්ෂාව තර කර ඇති බවත් බීබීසී පුවත් සේවයේ දැක්වේ.

මේ අතර, නගර මධ්‍යයේ පුද්ගලයන් පස්දෙනෙකුට වැඩි පිරිසක් රැස්වීම තහනම් කර තිබූ බවත්, නවදිල්ලි අගනුවර වෙත ඒමෙන් වැළකෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

දෙසැම්බර් 16දා සිදුවූ මෙම සිදුවීමෙන් අනතුරුව ඉන්දියාව පුරාවට විශාල මහජන උද්ඝෝෂණ පැවැත්වුනු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සේවයෙන් පහ කර තිබුණි.

No comments:

Post a Comment