Pages

12/29/12

සමූහ දුෂණයකට ලක් වූ ඉන්දීය සිසුවිය මියයයි

තවත් දැරියක් දිවි නසා ගනී

පසුගිය දෙසැම්බර් 16 වැනිදා දිල්ලියේ බස් රථයක් තුළදී සමූහ ඳුෂණයට ලක්වූ ඉන්දී වෛද්‍ය ශිෂ්‍යාව සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබේ. 23 හැවිරිදි ඇය සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබුවේ දිල්ලි නුවර රෝහලකදී සිදුකළ සැත්කම් 3 කින් අනතුරුවය.
මේ අතර දිල්ලියේ සමූහ දුෂණ සිද්ධියට විරුද්ධ උද්ඝෝෂණ පැතිර යන අතරතුර ලිංගික අපචාරයකට ලක්වූ තවත් දැරියක් පොලීසියේ හා සැකකරුවන් ගේ බලපෑම් නිසා දිවි නසා ගෙන ඇත.

නොවැම්බර් 13 වනදා දීපවාලි උත්සවය දින ඇය දුෂණයට ලක්ව ඇති අතර බදාදා රාත‍්‍රියේ වස වර්ගයක් පානය කිරීමෙන් සිය දිවි හානි කරගෙන ඇත. ඒ වන තෙක් කිසිදු පියවරක් නොගෙන සිටි පොලීසිය ඇයගේ මරණයෙන් පසුව තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.

ඉන්ස්පෙක්ටර් ජනරාල් පරම්ජිත් සිං ගිල් කියා ඇත්තේ ඇයගේ පැමිණිල්ල පිලිබඳ නිසි ක‍්‍රියා මාර්ග ගැනීමට පොලීසිය අපොහොසත්ව ඇති බවත් පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස එක් නිලධාරියෙක් ඇයට බල කර ඇති බවත්ය. දැනට එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තිදෙනෙකු ගේ සේවය අත් හිටවා ඇත.

ඉන්දියානු භෘඔඪ ජාලය වෙත දුෂණයට ලක්වූ දැරියගේ සොහොයුරිය කියා ඇත්තේ පොලීසිය විසින් මුදල් ලබා ගෙන හෝ දුෂකයෙක් විවාහ කරගෙන සිද්ධිය අතහැර දමන ලෙස ඇයට දැඩි පීඩනයක් එල්ල කල බවයි. ඉන්දියාවේ සමාජ ව්‍යූහය මේ ඛේදාන්තයට මූලික වී ඇත.

දැරිය පහත් යයි සැලකෙන කුලයකට අයත් වන අතර දුෂකයන් ලෙස ඇයගේ අවසන් ලිපියේ නම් සඳහන් ගර්ප‍්‍රිට් සිං, බල්වින්දර් සිං සහ ශින්දර්පාල් කවුර් උසස් යයි කියන පෙලපතකට අයත්ය.

මේ සිද්ධි පිලිබඳ තමන් ඉතා තදින් සිටින බවත් ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවත් අමාත්‍ය රංජිත් ප‍්‍රතාප් නරේන්සිං පවසයි. කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පියවරක් ලෙස ඉන්දියානු අධිකාරීන් චූදිතයන්ගේ නම් ගම් අන්තර්ජාලයේ පල කිරීමට තීරණය කර ඇත.

ඉන්දියාවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 256329 කින් 228650 ක්ම කාන්තාවන්ට එරෙහි ඒවා බව වාර්තා වල දැක්වේ.  මෙම අගයන් මීටත් වඩා වැඩි විය හැක්කේ පොලීසිය පිලිබඳ විශ්වාසය අඩුවීමෙන් කාන්තාවන් පැමිණිලි ඉදිරිපත් නොකරන බැවිනි.

No comments:

Post a Comment