හොඳ නම නැවත ලබා ගැනීමට ටොයෝටා සමාගම ඩොලර් බිලියන 1.1 ක් ගෙවයි
ඇමරිකාවේ තෙවන විශාලතම වාහන අලෙවිකරු වන ටොයෝටා සමාගමට සිය වාහන වල වේග පාලන පද්ධතියේ දෝෂයක් පිලිබඳව වූ නීතිමය ක‍්‍රියාමාර්ගයකට ඩොලර් බිලියන 1.1 ක් ගෙවීමට සිදු වී ඇත.
මෙය ටොයෝටා සමාගමේ ඉතිහාසය තුල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ විශාලම අර්බුදයකි. මෙහිදී හෙලි වී ඇත්තේ නොදැනුවත්වම වාහනයේ වේගය වැඩි වීමකි. මෙම ගෙවීම මගින් සිදුවිය හැකි ආරක්ෂක දෝෂ නිසා වන ආර්ථික හානිය ආවරණය කර ගැනීමට අදහස් කර ඇත.
ටෙලිග‍්‍රාෆ් පුවත්පතට අනුව මේ හේතුව නිසා තුවාල හෝ මරණ සිදු වී නැත. ඇමරිකාව තුල අලෙවිකරන ලද කැම්රි, සෙඩාන් සහ කොරොල්ලා ඇතුලත් මාදිලි 30ක් පමණ මෙයට ඇතුලත්ය.
විශ්වාසදායී විද්‍යාත්මක සාක්ෂි සහ ස්වාධීන ඇගයීම් ගණනාවක් මගින් මෙම අසීරු තීරණය ලබා ගත් බව ඇමරිකාවේ ටොයෝටා වාහන සඳහා වන පොදු කවුන්සලයේ ක‍්‍රිස්ටෝපර් රෙනෝල්ඞ්ස් ප‍්‍රකාශ කලේය.
මේ පිලිබඳ ලබාගත් වාර්තා එකිනෙකින් ස්වායත්ත බව අධිවේගී මෝටර් රථ පරිපාලනය, ඇමරිකානු ආරක්ෂක පරිපාලනය සහ නාසා ආයතනය ප‍්‍රකාශ කරයි. 2009 සිටම ටොයෝටා සමාගම කීර්තිය පිලිබඳ අර්බුද වලට ලක් වෙමින් ඇත.
අගෝස්තුවේදී lexus ES 350 රථයක වේගය වැඩි වීමෙන් කැලිෆෝර්නියා රථවාහන අංශ නිලධාරියෙකු වූ මාර්ක් සේලර් සහ පවුලේ තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන්ද වන්දි ගෙවීමට සිදු විය.
සමස්ථයක් ලෙස ගත්කල 2009 – 2011 කාලයේදී ආරක්ෂාව සහ විශ්වාසය පිලිබඳ ප‍්‍රශ්න නිසා ටෙයෝටා වාහන මිලියන 10 කට වඩා ආපසු ගෙන්වා ඇත.

No comments:
Post a Comment