Pages

12/9/12

ඔත්තු බලන ඩ්‍රෝන යානා ඇමරිකා අහස පුරා

මිනිසුන් රහිත ගුවන් යානා ගෘහස්ථ භාවිතයට යොදා ගැනීමේ පිටු දහස් ගණනක සැලැස්මක් ‘විද්‍යුත් දේශසීමා පදනම’(EFF) විසින් එළි දක්වා ඇත. සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ කැලිෆෝර්නියාව පදනම් වූ  EFF නිදහස් තොරතුරු පනත යටතේ නීතිමය ක‍්‍රියාමාර්ගයකින් මෙම තොරතුරු ලබා ගෙන ඇත.
එම වාර්තාවේ හමුදා සහ පොලිස් ලිපිගොණු එකතුවක් ප‍්‍රසිද්ධියට පත් කර ඇත. විදේශ මෙහෙයුම් වලට යොදා ගත් මෙම යානා ඇමරිකානු ගුවන් කලාපය තුල යෙදවීම පිලිබඳ ඇතැම් ආයතන කොතරම් ප‍්‍රශ්න මතු කර ඇත්ද යන්න මෙම වාර්තාවෙන් පෙනී යයි. ඇමරිකානු හමුදාවේ තහනම් ගුවන් කලාප තුල ඩ්‍රෝන් යානා යෙදවිය හැකි වුවද ජාතික ගුවන් කලාප වලට ඇතුල් වීමට අවසරයක් ලබා ගත යුතු බව EFF ප‍්‍රකාශිකා ජෙනිෆර් ලින්ච් කිය ඇත.

රට පුරා මෙසේ කුඩා සහ විශාල ඩ්‍රෝන් යානා යෙදවීම ප‍්‍රශ්නකාරී වන බව ඇය කියයි. ටයිම්ස් වර්තාකරු මාර්ක් මැසෙටි ගේ හොලෝමන් ගුවන් කඳවුරේ සංචාරයකදී ඔහු ඇතුළු මාධ්‍ය වේදීන් පිරිසක් දැක ඇති ඩ්‍රෝන් යානයක් මාර්ගයක වාහන ග‍්‍රහණය කරන දර්ශන පිලිබඳවද මෙහි ඇතුලත් කර ඇත. ලින්ච් ගේ වාර්තාවේ කියන පරිදි මෙම යානා පොලීසියේ කටයුතු වලට උදවු වීමට යොදා ගන්නා අවස්ථා ඇත.

ඇමරිකානු ෂෙරිෆ් කාර්යාලයේ එක් වාර්තාවක දැක්වෙන්නේ ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව සහ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ සහයෝගීව WASP II ඩ්‍රෝන් යානය විශේෂිත පුද්ගලයන් පිලිබඳ ඔත්තු බැලීමට යොදාගෙන ඇති බවයි. ආයතන බොහොමයක මෙවැනි සැලසුම් දැන් EFF.ORG වෙබ් අඩවියේ දැකගත හැකිය.

No comments:

Post a Comment