iTunes එකතුවේ රුසියානු අනුවාදයඑලි දක්වා සතියක් ගත වීමටත් පෙර ප‍්‍රශ්න රැසක් මතු වී ඇත්තේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ දේවල් වලින් එය ග‍්‍රහණය කර ගත් බැවිනි. දෙසැම්බර් 5 වනදා පරිශීලකයන් අසභ්‍ය වෙබ් අඩවි වෙත යොමු කරන බැනර රුසියානු iTunes එකතුවෙහි තිබුණි.
අසභ්‍ය දේවලින් බහුලව තිබූ මේ තුලින් පරිශීලකයන්ට අවශ්‍ය වූයේ විදේශ භාෂාවල චිත‍්‍රපට භාගත කිරීම බව WEIRED සඟරාව වාර්තා කරයි. රුසියානු iTunes එකතුවෙහි විදේශ චිත‍්‍රපට අංශයට ඇතුල් වීමට උත්සාහ කල අවස්ථාවේ පරිශීලකයන් මෙය සොයාගෙන ඇත. දැන් එම අංශයට ඇතුල් විය නොහැකි වී තිබේ.
විශේෂඥයන් අනුමාන කරන්නේ නිර්මාණ කරුවන් අතින් xx.xx.xx. වැනි යෙදුමක් පරික්ෂා කිරීමේදී මෙම දේවල් පද්ධතියට ඇතුල් වන ආකාරයේ පරිඝණක වැඩසටහනේ කොටසක දෝෂයක් ඇති වන්නට ඇති බවයි. දැන් මෙම ප‍්‍රශ්නය විසඳා ඇති අතර රුසියානු iTunes එකතුවෙහි අසභ්‍ය දේවල් දක්නට නැත.

No comments:
Post a Comment