Pages

12/9/12

FORBES බලවත්ම පුද්ගල ලැයිස්තුවේ 3වන තැන පූටින්ට

FORBES සඟරාවේ ලොව බලවතුන් 71 දෙනෙකුගේ ලැයිස්තුවේ බිල් ගේට්ස්, බෙනඩික්ට් පාප් වහන්සේ, බෙන් බර්නාක් ආදීන් පසු කරමින් ව්ලැඩිමීර් පූටින් ඉදිරියට පැමිණ ඇත. FORBES  මූලස්ථානය පිහිටියේ නිවුයෝර්කි හි නිසා ජනපති ඔබාමාට පලමු තැන ලැබීම පුදුමයක් නොවේ. ලොව විශාලම හමුදාවේ අනභිබවනීය නායකයා සහ ආර්ථික සංස්කෘතික බලයේ ප‍්‍රධානියා ලෙස ඔහුට ඒ තැන හිමිවිය යුතු යයි එහි පැහැදිලි කර ඇත.
නමුත් ඇතැම් අය ප‍්‍රශ්න කරන්නේ ඇමරිකානු ආර්ථිකය පහල වැටී, විරුකියාව ඇතිවී, ඔබාමා තම ඡන්ද පොරොන්දු වලින් බොහොමයක් ඉටු නොකර ඇති අවස්ථාවක ඔහු බලවත්ම පුද්ගලයා වන්නේ කෙසේද යන්නයි. පූටින්ට තුන්වන තැන ලැබීම ගැන සඟරාව කියන්නේ න්‍යෂ්ඨික අවි සහිත හමුදාවක් පාලනය කරන, එ. ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික සහ ලොව විශාලම තෙල් සහ ගෑස් ඇති රටක පාලකයා වන නිසා ඒ තැනට සුදුසු බවයි.

ව්‍යාපාරික සඟරාව පූටින් රුසියාව සෝවියට් වලෙන් ගොඩ දැමීමට ගත් නොයෙකුත් ආරම්භයන් නොසලකා හරිමින් කියා ඇත්තේ උද්ඝෝෂකයන් අත් අඩංගුවට ගැනීම වැනි අවස්ථවලදී ඔහු තම බලය පෙන්වා ඇති බවයි. එසේ නම් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ට ද සම තැන හිමිවිය යුතුය.

ජර්මනිය උද්ඝෝෂකයන් අත් අඩංගුවට ගැනීමේ විශාල ප‍්‍රවණතාවක් දක්වයි. මැයි මාසයේ ෆ්රුන්කෆර්ට් හි පුද්ගලයන් 400ක් අත්අඩංගුවට ගෙන ඇත. තව දුරටත් ඔබාමා මතභේදාත්මක ‘ජාතික ආරක්ෂක බලතල ලබා දීමේ ‘ පනතට අත්සන් කිරීමෙන් ද බලය පාවිච්චි කිරීමේ කැමැත්ත පෙන්වා ඇත. අවසාන වශයෙන් FORBES කියා ඇත්තේ තම ලැයිස්තුව නිවැරදිම එක නොවිය හැකි බවත් එය සංවාදයක ආරම්භය විය හැකි බවත්ය.

No comments:

Post a Comment