සිරියාවේ ගැටුම් උත්සන්න වීමෙන් රජයේ හමුදාවන් සතු වූ ප‍්‍රදේශ ටිකෙන් ටික ගිලිහී යාමත් සමඟ සිරියානු විපක්ෂය ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් ඇතැයි පිලිගන්නා බව රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති මිකායිල් බොග්ඩැනෝව් කියා සිටියේය. ඔහු අනතුරු ඇඟවූයේ ඉදිරියේ එන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිසා සිරියාවේ දැඩි ලේ සෙලවීම් සිදුවන බවයි.
වර්තමාන ජනපති ඉවත් කිරීම සඳහා එවැනි පාඩුවක් ඔවුන්ට පිලිගත හැකිනම් තමන්ට කල හැකි දෙයක් නැති අතර ඊට තමන් විරුද්ධ බව ඔහු ප‍්‍රකාශ කලේය.
සිරියානු විපක්ෂයට අවි සැපයීම මගින් සාම ක‍්‍රියාවලිය ඇණහිට ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වන බව මෙම උසස් නිලධාරියා කියා සිටියේය. සිරියානු විපක්ෂ සන්ධානය එහි ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිලිගනු ලැබුණු ‘සිරියාවේ මිතුරෝ ’ හමුව පිලිබඳ අනෙකුත් රුසියානු නිලධාරින්ද නොසතුට පල කර ඇත.
මෙමගින් දේශපාලන විසඳුමක් කෙරෙහි තිබූ සියළු අවස්ථාවන් අත්හැර දැමෙන බවත් දැන් එකම විසඳුම යුද්ධය බවත් රුසියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවේ සභාපති ඇලෙක්සේයි පුෂ්කොවු බ‍්‍රහස්පතින්දා තම twitter පිටුවේ සඳහන් කර ඇත.
මේ පිලිගැනීම මගින් ඇමරිකාව යුද්ධයෙන් ගැටළුව විසඳා ගැනීමට අදහස් කරන බව පෙනෙතැයි විදේශ ඇමති සර්ජි ලැවුරොව් කියා ඇත.
සිරියාව ලිබියාවක් නොවන බව කියමින් මොස්කවු බටහිර රටවල හමුදා මැදිහත්වීම් ගැන අනතුරු හඟවයි. මේ අතර අවශ්‍ය වුවහොත් සිරියාවේ සිටින රුසියානුවන් හමුදා මැදිහත් වීමකින් බේරා ගැනීමට ද සැලසුමක් පවතී.

No comments:
Post a Comment