චීනය ජපාන ගුවන උල්ලංඝණය කරයි, ජපාන ගුවන් හමුදා ලූහු බඳී
නැගෙනහිර චීන මුහුදේ ගැටළු කාරී දුපත්වල ගුවන් සීමාවට ඉහලින් පියාසර කල චීන ගුවන් යානයක් සීමාව උල්ලංඝනය කිරීමට ප‍්‍රතිචාර දැක්වීම පිණිස ජපානය ප‍්‍රහාරක යානා 8ක් ගුවන්ගත කර ඇත.
මෙය නින්දිත ක‍්‍රියාවක් බව පවසන ජපානය ඊට විරුද්ධව නීතිමය පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. ආකිපෙලගෝ දිවයින් ගුවන් සීමාවට මෙසේ ඇතුල් වීම හෙලා දකින බවත් චීන නැවුද ජපන් සීමාව උල්ලංඝනය කරන බවත් ජපන් ප‍්‍රකාශක ඔසමු ෆුජිමෝරි කියා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා ටෝකියෝවේ චීන තානාපති වරයා නිලවශයෙන් කැඳවා ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක හොන්ග් ලී මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ යානය ගියේ නිවැරදි මාර්ගයේ බවත් ජපානයේ උත්සාහය මතභේදාත්මක දුපත් අවට මුහුදු හා ගුවන් සීමා වලට ඇතුල් වීම වැලැක්වීමට බවත් කියා සිටී. ඩයයු දිවයින් චීනයේ උරුමයක් බව ඔහු සඳහන් කරයි.
ජපානය සෙන්කකු ලෙස හඳුන්වන මෙම දුපත සහ අවට දුපත් පිලිබඳ දේශසීමා ආරවුල නිසා දෙරට අතර මතභේද හටගෙන ඇත. මේවායේ පදිංචි කරුවන් නැති අතර ඒ අවට ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිධි ඇති බවට විශ්වාස කෙරේ.
මෙම ප‍්‍රශ්නය මතු වූයේ ජපාන මහ මැතිවරණය යෙදී තිබෙන දෙසැම්බර් 16 ට දින කීපයකට කලිනි. එහි ජයග‍්‍රාහී මාවතේ ඇති නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ෂින්සෝ අබා ද මේ පිලිබඳව දැඩි ස්ථාවරයක සිටී.
දෙසැම්බර් 13 වන දිනට ජපානය විසින් චීනයේ පැරණි අගනුවර අල්ලාගෙන සිවිල් වැසියන් දස දහස් ගණනක් ඝාතනය කර 75 වසරක් පිරෙයි.

No comments:
Post a Comment