Pages

12/16/12

හිලරි ක්ලින්ටගේ අඩුව පුරවන්නට සූසන් රයිස්ට බැරිවෙයි

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ දෙවන ධූර කාලයේදී එරට රාජ්‍ය ලේකම්වරියගේ ධූරය වෙනුවෙන් යෝජනාවී සිටි එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සූසන් රයිස් ඇයගේ නාමයෝජනාව ඉවත්කරගෙන තිබේ.
ඇය එම ධූරය වෙනුවෙන් පත්කිරීමට එරෙහිව රිපබ්ලික් පාක්ෂිකයින් විසින් ගෙනගිය විරෝධතා හේතුවෙන් මෙම ඉල්ලා අස් කර ගැනීම සිදුව ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය එරට තෙවන ප්‍රබලතම ධූරය වන අතර එය ගෝලීය වශයෙන් ගතක්ල දෙවන වන්නේ ඇමරිකානු ජනාධිපති තනතුරට පමණි. එමෙන්ම එම ධූරය අනෙක් රටවල විදේශ අමාත්‍ය ධූරයට සමාන වන අතර වර්තමානයේ එම තනතුරෙහි කටයුතු කරන හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ දෙවන ධූර කාලය ආරම්භයේදී ඉන් ඉවත් වීමට නියමිතය.

සූසන් රයිස් හට මෙම තනතුර දැරීම සුදුසු නොවන බවත් ඇය පසුගිය සමයේදී ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාවේදී කටයුතු කල ආකාරය මෙන්ම සිදුකල ප්‍රකාශද වගකීම් විරහිත බවත් රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසන අතර සූසන් රයිස්ට එරෙහිව දියත් කල මෙහෙයුමේදී ප්‍රධානම චරිතය වී ඇත්තේ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකුද වූ ජෝන් මැකේන්ය.

No comments:

Post a Comment