Pages

12/13/12

නැව ගිළුනත් බෑන් චූන්

නැව ගිළුනත් බෑන් චූන් – ජයග‍්‍රහණයේ සුවඳ සමඟ M-75 මිසයිල විලවුන්

ගාසාවේ විලවුන් ආයතනයක් ඊශ‍්‍රායෙලයේ ‘pilar of Defence’ මෙහෙයුම කාලයේදී ටෙල් අවිවු සහ ජෙරුසෙලමට පහර දීමට පලස්තීනය භාවිතා කල මිසයිලයේ නමින් M 75 නම් සුවඳ විලවුන් වර්ගයක් නිපදවා ඇත.
ගාසා තීරයේ විජයග‍්‍රහණය සැමරීමට මෙසේ නම් කල බව stay stylish විලවුන් ආයතනයේ හිමිකරු ෂාදි අද්වාන් කියයි.

අල් රෙසලා හිදි ප‍්‍රාදේශීය වාර්තා කරුවන් හමුවේ ඔහු තවදුරටත් කියා ඇත්තේ පලස්තීන මිසයිල මෙන්ම M 75 සුවඳ ප‍්‍රසන්න සහ ආකර්ෂනීය බවයි.

පිරිමි හා ගැහැණු දෙපක්ෂයම සඳහා ඇති M 75 මිලෙන් වැඩි අතර ඊශ‍්‍රායෙල් ශෙකල් 50ක් පමණ වෙයි.

8 දින ඊශ‍්‍රායෙල් පලස්තීන සටන් වලදී හමාස් සංවිධානය භාවිතා කල M 73 මිසයිලය කිලෝ මීටර් 75ක පරාසයකින් යුක්තය.

පසුගිය ගැටුම් වලදී මෙය පලස්තීනය විසින් භාවිතා කල අතර දෙපාර්ශවයෙන්ම පුද්ගලයන් මිය ගිය මෙම සටන දැන් විරාමයකට එලඹ ඇත.

No comments:

Post a Comment