2012 න් ඔබ්බට : ලෝකය අවසන් නොවනු ඇත්තේ ඇයි – නාසා
මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන හෝ එය සිදුවෙතැයි අපේක්ෂා කරන අයගේ කරදරයෙන් බේරීමට නාසා ආයතනය ‘2012 න් ඔබ්බට: ලෝකය අවසන් නොවනු ඇත්තේ ඇයි?’ යනුවෙන් නිතර අසන ප‍්‍රශ්න වලට පිලිතුරු රැසක් සපයා ඇත.
එහි කියවෙන පරිදි අපගේ ලෝකය තව වසර බිලියන 4 කට යහතින් තිබෙනු ඇති අතර 2012 එය විනාශ වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත.
නබිරු, x ග‍්‍රහලෝකය හෝ ඊරිස් පෘථිවිය හා ගැටෙනු ඇතැයි යන මතය අන්තර්ජාල මුලාවකි. එසේ ග‍්‍රහලොවක් පාථිවිය හා ගැටීමට එයි නම් තාරකා විද්‍යාඥයන් පසුගිය දශක කීපයක් තිස්සේ එය නිරික්ෂණය කරනු ඇත.
මේ වන විට එය පියවි ඇසට පෙනෙන තරමි ආසන්නව තිබිය යුතුය. නබිරු සහ x ග‍්‍රහලෝක වල කථා මිත්‍යාවන් වන අතර ඊරිස් ඇත්තටම පැවතුනත් එය සූර්ය ග‍්‍රහ මණ්ඩලයෙන් සැතපුම් බිලියන 4ක් පමණ දුරින් පිහිටා ඇත.

No comments:
Post a Comment