Pages

12/13/12

ධනවාදය නොවේ රුසියාවට අවශ්‍ය

ධනවාදය නොවේ රුසියාවට අවශ්‍ය නිදහස් වෙළඳපොල ආර්ථිකයක් – පූටින්

සම්පත් පදනම් වූ ආර්ථිකයේ වර්ධන හැකියාව අඩුවී ඇති නිසා කර්මාන්ත සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලින් යුත් විවෘත ආර්ථිකයක් රුසියාවට අවශ්‍ය වී ඇතැයි ජනපති ව්ලැඩිමිමිර් පූටින් කියයි. රුසියානු අය වැය විදේශ මූල්‍ය හා ද්‍රව්‍ය වෙළඳපොල මත රඳාපවතින විට
මිනිසුන්ට තම විභවය සපුරා ගැනීමට හෝ හැකියාවන් හඳුුනා ගැනීමට නොලැබෙන බව ඔහු කියයි.

අධි තාක්ෂණයන් වන ජිව තාක්ෂණය, දුර්ලභ පාංශු ලෝහ, ජාන විද්‍යාව, නාගරික ගොඩනැගිලි සහ තොරතුරු තාක්ෂණය අතින් ආර්ථිකය දියුණු කිරීම ඔහුට අවශ්‍ය වී ඇත. මෙය 6% ක ආර්ථික වර්ධන වේගය සපුරා ගැනීමට ඉතා වැදගත් වේ. මුදල් පිටරට යාම වැලැක්වීමට විදේශ සමාගම් පරිමාණයෙන් කුඩා කිරීමටද සැලසුම් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා ඇත.

පුද්ගලීකරණ ගණුදෙනු සියල්ල රාජ්‍ය නීති අනුව පාලනය විය යුතු බවට ඔහු අවවාද කරයි. රාජ්‍ය මිලදී ගැනීමේ ගිවිසුම් දුෂණයට හොඳ පසුබිමක් බවද ඔහු කියා ඇත. සමූහ ගිවිසුම් ක‍්‍රමයට නීතිය ඈඳා ගැනීම පූටින් මෙයට විසඳුම ලෙස දක්වා ඇති අතර විගණනයන් දියුණු කිරීමටද යෝජනා කරයි.

ව්‍යාපාර රටේ යහපතට දායක විය යුතු අතර එය ව්‍යාපාරික ප‍්‍රජාවගේ උත්සාහය විය යුතු බවද සඳහන් කර ඇත. සුඛෝපභෝගී බදු පැනවීමට 2013 වන විට මූලික කරුණු සැකසිය යුතු යයිද කියා ඇත.

No comments:

Post a Comment