ජනපති පූටින් තම ආධාර කරුවන් පිරිසකට කියා ඇත්තේ රුසියානුවන් බොහොමයකට විප්ලව අවශ්‍ය නැති බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ වඩා හොඳ වෙනස්කම් ඉක්මනින් සිදු වීම බවත්ය.
වසරකට පෙර පාර්ලිමේන්තු මැතිවරණ සමයෙන් පසු රුසියානු නගරවල උද්ඝෝෂණ නොපැවැත් වීම අසාමාන්‍ය දෙයක් ලෙස ඔහු දකී.
රුසියානු ජනයාට අදහස් පල කිරීමේ නිදහස උපරිම වශයෙන් ඇති නිසා මෙය සිදු වී ඇත්තේ පාලනය තද කිරීමෙන් නොවන බවද මෙහිදී පූටින් කියා ඇත.
මින් පෙනීයන්නේ බහුතරයක් රුසියානුවනට අවශ්‍ය විප්ලව නොව ඉක්මනින් වඩා හොඳ ජීවිතයක් ලබා ගැනීම බව ඔහු කියයි.
ප‍්‍රසිද්ධ කලාකරුවන්, මාධ්‍ය වේදීන්, මහජන ආයතන නියෝජිතයන්, බුද්ධිමතුන් ඇතළු 550ක් පමණ වූ තම ආධාරකරුවන් සමඟ පැවති හමුවක දී මේ බව කියා ඇත.
ඔවුන්ට වසරකට දෙවතාවක් මෙසේ මුණ ගැසීමට පූටින් යෝජනා කල අතර එමගින් රටේ කරන හා සිදුවන දේවල් පිලිබඳව දෙපාර්ශවයටම අවබෝධ කරගත හැකියයිද ඔහු කියා සිටියේය.
එසේම තම විශ්වාසිකයන්ට විවිධ ක්ෂේත‍්‍ර වල සිදුවන වැඩ කටයුතු වලට මූලික විය හැකි බවද කියා සිටියේය.
මෑතකදී සිදුවූ දුෂණ හෙලිවීම ගැන ආධාරකරුවන් ඇසූවිට ඔහු කියා ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් ලැබීම නිසි පරිදි සිදුවන බවයි.
නීති රකින ආයතන නීතිමය රාමුව තුල සෑම විටම ක‍්‍රියාකල යුතු බවද ඔහු ප‍්‍රකාශ කලේය.

No comments:
Post a Comment