Google පුද්ගලික ගිණුම් තොරතුරු දෙයි, රහස්‍යභාවය නොරකී
Google සමාගම තම විනිවිද භාවය පිලිබඳ වූ සය මාසික වාර්තාවේ දක්වා ඇත්තේ පුද්ගලික තොරතුරු වලට රජයන් ගෙන් ඇති ඉල්ලීම ඕනෑම අවස්ථාවක ඉහල අගයක් ගන්නා බවයි. “8000ක් පමණ වූ
Google හා Gmail ගිණුම්වල විස්තර ඇණවුම්කර ඇති අතර එය තම පුද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීමට සිතන අයට නරක ආරංචියක් වනු ඇත. අප මෙම දත්ත නිකුත් කලේ 6 වන වතාවටයි මින් පැහැදිලි වන්නේ රජයන් ගේ පරීක්ෂා කිරීම සඳහා ඇති අවශ්‍යතාව නැගී එන බව” යයි Google සමාගම නොවැම්බර් මස 13 දින පලකල බ්ලොග් වාර්තාවක දක්වා තිබුණි.
ලොව පුරා රටවලින් භාවිතා කරන්නන් පිලිබඳ තොරතුරු සඳහා ඉල්ලීම්20938ක් ලැබී ඇති අතර 7969 ක් ඇති ඇමරිකාව පලමු තැනද 2319 ක් ඇති ඉන්දියාව දෙවන තැනද සිටී. රටින් පිටතට සිදුවන පුද්ගලයන්ගේ සැකකටයුතු ඊ මේල් ගනුදෙනු බැලීමට රජයට හැකිවන 2008 විදේශ රහස් තොරතුරු පරීක්ෂණ පනත් සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ලැබී තිබුණි.
ඇමරිකානු රාජ්‍ය ආරත්ෂක මණ්ඩලය මගින් කෙතරම් ඇමරිකානුවන් සංඛ්‍යාවක විද්‍යුත් සන්නිවේදන වලට රහසේ කන් දෙන්නේදැයි නැගුන පැනයකට එහි ඉන්පෙක්ටර් ජෙනරාල් වරයා ප‍්‍රතිචාර නොදැක්වීය. ඇමරිකානු රාජ්‍ය ආරත්ෂක මණ්ඩලයේ ප‍්‍රකාශක බිල් බිනී හැකර්ස් ඔන් ප්ලැනට් අර්ත් සම්මේලනයේ දී සිදුකල ප‍්‍රකාශයට අනුව ඇමරිකානු රජය මගින් සෑම පුරවැසියෙක් ගැනම දත්ත එක් රැස් කරගෙන ඔවුන් පිලිබඳව හා කරන දේවල් පිලිබඳව දැනුමක් ඇති කර ගනී.

No comments:
Post a Comment