නව සිරියානු විපක්ෂ සන්ධානය ට සහාය දැක්වීමේදි අරාබි ලීගය යම් පසුබෑමක් දක්වන බව පෙනෙන්නට තිබේ. ඇතැම් අරාබි ජාතීන් තවමත් යුක්ති සහගත පාලකයෙක් ලෙස සලකන අසාද් ට එරෙහිව නැගී සිටීමට මැලි වෙති.
සඳුදා කයිරෝවේදී පැවති රැස්වීමකදී අරාබි විදේශ අමාත්‍යවරු කණ්ඩායමක් සිරියානු විපක්ෂ ජාතික සන්ධානය (NCSPRO) ට සහය පල කර සිටියහ. ඒ අතර වූ ඉරාකය හා ඇල්ජීරියාව විශේෂ නියමයන් කීපයක් දක්වා ඇත.
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය ඕමානය හා බහරේනය ඇතුලත් සිරියානු විපක්ෂ එකමුතුවක් ඉරිදා දෝහා කටාර් රැස්වීමකදී ඉස්මතු විය. තමන්ට ප‍්‍රමාණවත් තරම් අන්තර්ජාතික සහය ලැබුනු පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට ඔවුන් එකග වූහ. සිරියානු පාලනය බිඳවැටෙනු දැකීමට කැමති ඇමරිකාව හා අරාබි මිත‍්‍ර පාක්ෂිකයන් ගෙන් ඇතිවන පීඩනය මෙම ප‍්‍රතිඵලයට හේතු විය.
කෙසේ වෙතත් මෙය යුධ තත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ද පවතී. බි‍්‍රතාන්‍ය කම්කරු ඇමති ජෙරම්කෝබින් අනතුරු ඇගවූයේ පෙරමුණු 3ක් ඇති සටනක සිරියාව කේන්ද‍්‍රස්ථානයක් විය හැකි බවයි. සිරියාවේ සිදුවන සිදුවන ඕනෑම දෙයක් එහි වැසියන්ට පමණක් අදාල වන බව LUDWIG VONK MISES ආයතනයේ සභාපති ලිවු රොක්වෙල් කියයි.
කෝබින් විශ්වාස කරන්නේ සටන් විරාමය මෙම අර්බුදයට විසඳුම බවයි. අසාද් හොඳ නැති අයෙක් වුවත් පිටස්තරයන් රට අල්ලාගෙන පාලනය කිරීම සිරියානු ජනයාට ඊට වඩා නරක වනු ඇතැයි රොක්වෙල් තර්ක කරයි.

No comments:
Post a Comment