පලස්තීනයේ හිටපු නායක යසර් අරෆත් මහතාගේ දේහය යලිත් ගොඩ ගැනීමට කටයුතු යොදා තිඛෙනවා.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් ලබන සතියේදී බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ දී ඔහුගේ දේහය යලිත් ගොඩ ගැනීමට නියමිතය.
පලස්තීනයේ නායකයා 2004 වසරේ ප්‍රංශයේ රෝහලක දී මියගිය අතර ඔහුගේ පුද්ගලික බඩු බාහිරාදිය තුල විකිරණශීලී පොලෝනියම් හමු වූ බව අනාවරණය වී තිඛෙනවා.ඉන් අනතුරුව ප්‍රංශ බලධාරීහු ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළා.යසර් අරෆත් ගේ මරණයට තමන් ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ඊශ්‍රායල බලධාරීහු පවසනවා.
No comments:
Post a Comment