Pages

11/14/12

සොරකම් කළ ඉපැරණි චිත්‍ර තොගයක් සොයා ගැනෙයි

දකුණු අප‍්‍රිකාවේ කෞතුකාගාරයකින් සොරා ගන්නා ලද ඉපැරණි චිත‍්‍ර තොගයක් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
දකුණු අප‍්‍රිකාවේ පෝට් එලිසබත් නගරයේ සුසාන භූමියක තිබී මෙම චිත‍්‍ර සොයා ගෙන ඇති බව සඳහන්ය.

පසුගියදා එරට කෞතුකාගාරයකට කඩා වැදුණු තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් මෙම චිත‍්‍ර සොරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉපැරණි චිත‍්‍ර 4 ක් එහි දී සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2 ට අධික බව එම කෞතුකාගාරයේ ප‍්‍රකාශකයෙකු පවසයි.

මීට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

No comments:

Post a Comment