අමෙරිකාවේ 57 වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (06) සිදුකෙරෙයි.
මෙවර ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වී සිටින බැරැක් ඔබාමා සහ මිට් රොමිනි අතර ඉතා තියුණු තරඟයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන් මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා මෙවර ජනාධිපතිවරණය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ඉදිරියෙන් පසු වන බව සඳහන්ය.
එහෙත් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන මිට් රොමිනි ඔහුට ප්‍රබල තර්ජනයක් වී ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයින් දෙදෙනාම අමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් වැය කර ඇත.

No comments:
Post a Comment