100 ට අධික පිරිසක් අතුරුදන්..
ගෝතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මේ හේතුවෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෝතමාලාවේ ශාන්තිකර වෙරළේ හටගෙන ඇති මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 7.4 ක අගයක් සටහන් කර ඇත.
භූ කම්පනයත් සමග ඉදිරි පැය 24 තුළ නායයෑමේ සිදුවීම් වාර්තා විය හැකි බව එරට බලධාරීන් පවසයි.
භූ කම්පනයත් සමග කඩා වැටුණු නිවාස හා ගොඩනැගිලිවලට යටවී සිටින පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වන විටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනයත් සමග සුනාමි තත්ත්වයක් ඇතිවිය නොහැකි බව අමෙරිකාවේ ශාන්තිකර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

No comments:
Post a Comment