Pages

11/5/12

චාල්ස්, කැමිලා ඔස්ට්‍රේලියාව‍ට

බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය ඔස්ටේ‍්‍රලියාවට පැමිණ සිටියි.
දෙවන එලිසබත් රැජිණගේ දියමන්ති ජුබිලිය සැමරීම වෙනුවෙන් චාල්ස්, කැමිලා යුවළ ශාන්තිකර කළාපීය රටවල දෙසතියක සංචාරයක නිරත වේ.

එහි පළමු ගමනාන්තය වූ පැපුවා නිව්ගිනියාවේ දී ස්වදේශිකයන් සමග වැඩසටහන් කිහිපයකට ඔවුන් සහභාගී විය.

අද (05) ඔස්ටේ‍්‍රලියාට පැමිණි ඔවුන් එළිමහන් සාදයකට සහභාගීවීමට නියමිතය.

ඇඩිලේඩ්, හෝර්බාට්, සිඩ්නි සහ කැන්බරා නගරවල සංචාරය කිරීමෙන් පසු එම යුවළ නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

No comments:

Post a Comment