Pages

11/13/12

හැම්බර්ගයක් අභ්‍යවකාශ ගත කරයි

එක්තරා කෙටි කෑමක් මින් පෙර කිසිම කෑමක් නොගිය තැනකට ගොස් ඇත හාවඞ් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හැම්බර්ගයක් අඩි 30000 ක්
පමණ වූ අභ්‍යවකාශයට යවා එහි ගමන රූ ගත කර  You Tube වෙබ් අඩවියේ පල කර ඇත. මෙය දැනට 200000 කට වඩා පිරිසක් නරඹා ඇතැයි කියවේ. OPERATION SKYFALL: FIRST HAMBURG IN SKY ලෙස නම් කර ඇති වීඩියෝව සතියකට පෙර නිකුත් කර ඇති අතර එහි හාවඞ් හි මිතුරන් පස් දෙනෙක් දිනක් පරණ හැම්බර්ගයක් අභ්‍යවකාශයට යවනු පෙන්වා තිබේ.

වීර චාරිකාව තුලදී එක් කැබැල්ලක් ලෙස පවතිනු සඳහා හැම්බර්ගය වාර්නිෂ් වර්ගයකින් ආලේප කර තිබුනි. හීලියම් පිරවූ කාලගුණ බැලුනයක් මගින් යැවීම සඳහා GPS සහිත ස්මාර්ට් දුරකතනයක්  වීඩියෝ කැමරාවක් සහිතව විශේෂයෙන් සැලසුම් කල වේදිකාවක බර්ගරය සවිකර තිබුනි. පිපිරීමට පෙර මීටර් 30000 ක් ඉහල නැගි බැලුනය මැසචුසෙට්ස් හි  STURBRIDGE වලින් ගුවනට නිකුත් කෙරුනි. බොස්ටන් වලට පිටතින් පිහිටි ගසක් මත අභ්‍යවකාශගාමී  හැම්බර්ගය හා අනෙක් උපකරණ පතිත වී කිබුනි.

No comments:

Post a Comment