Pages

11/13/12

ඉරාන ජාතිකයන් දරුණු පිස්සන් අතාර්කික මෝඩයන්…;

CIA දේශපේ‍්‍රමී වීරයන්

නූතන හොලිවුඞ් චිත‍්‍රපටයක් වන ARGO ලොව පුරා ඉරාන භීතිකාව පැතිරවීමේ යාන්ත‍්‍රණය තුල සියඑ මාධ්‍ය යොදා ගැනීමේ ඇමරිකානු උපක‍්‍රමය නැවත වරක් හෙලි කරන බව ජේෂ්ඨ දේශපාලන විශ්ලේෂකයෙක් ප‍්‍රකාශ කරයි.
”ARGO යනු හොලිවුඞ් වාදයේ නරකම උදාහරණයකි. එය ඇමරිකාව තුල පමණක් නොව ලොව පුරා ඉරාන භීතිකාව පැතිරවීමේ තවත් උත්සාහයකි” යනුවෙන් ඉරාන ලේඛක ආචාර්ය ඉස්මයිල් සලාමි මෑත කාලයේ Press Tv වෙබ් අඩවියට ලියා ඇත.

ඇමරිකානු අධ්‍යක්ෂක බෙන් ඇෆ්ලෙක් ගේ මෙම ත‍්‍රාසජනක චිත‍්‍රපටය 1979 ඉස්ලාමීය විප්ලවයේදී ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලා ගැනීමේදී තානාපති වරුන් 6 දෙනෙකු ගලවා ගැනීම පිලිබඳව හිටපු CIA නියෝජිත ටෝනි මෙන්ඩස් විසින් කල ලිපියක් මත දුර්වල ලෙස පදනම් වුවකි. නැගීගෙන එන ඉස්ලාමීය සමූහාණ්ඩව ගැන ඔත්තු බලන තැනක් ලෙස සලකා 1979 දී විප්ලවීය ඉරාන විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඇමරිකානු තානාපති කාර්යාලය අත් කර ගත්හ.

ARGO හි වැරදි පැත්ත හෙලා දකිමින් සලාමි කියා ඇත්තේ මෙම චිත‍්‍රපටයේ ඉරාන් වරු  ඕනෑවට වඩා හැඟීමිබර, අතාර්කික, පිස්සු හා දරුණු ජාතියක් ලෙස දක්වන අතර CIA නියෝජිතයන් වීර සහ දේශමාමක  අය ලෙස පෙන්වන බවයි.

ARGO අධ්‍යක්ෂක වරයා ඒකාකාරී හා විකාර දර්ශනයක් මවාපාන අතර ඉරානයේ නියම සම්ප‍්‍රදායන් වලට හිතා මතා අවමන් කරන බවද විශ්ලේෂකයා කියා සිටි.

No comments:

Post a Comment