Pages

11/26/12

සැන්ඩි කුණාඩුව ඇමරිකා ආර්ථිකය ගොඩදාලා ?

සැන්ඩි කුණාටුව සිදුකල ඩොලර් බිලියන 50ක පාඩුව වෙනුවට ප‍්‍රතිසංස්කරණ සහ අළුත් ඉදිකිරීම් වලින් ලැබෙන ඩොලර් බිලියන 240ක ආදායම නිසා එන වසරේ රටේ දල දේශීය නිෂ්පාදිතය 0.5% කින් වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වේ.
ECONOMIC OUTLOOK හි ප‍්‍රධාන ගෝලීය ආර්ථික විශේෂඥ බර්නාඞ් බෝමොල් ගොඩනැගීම් වැඩි වීමත් සමඟ රැකියා අවස්ථා සහ අමු ද‍්‍රව්‍ය වල ඉල්ලූම ඉහල යාමෙන් ආර්ථික වර්ධනයක් ඇතිවන බව BLOOMBERG වෙත කියා ඇත.

ඩොලර් බිලියන 140 ත් 240 ත් අතර වූ යලි ගොඩනැගීමේ කටයුතු එන වසරේ පලමු කාර්තුව තුල සිදුවනු ඇත. ගොඩනැගිලි ඉදිකරන්නන් ගේ ජාතික සංගමයේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ ඬේවිඞ් ක්‍රෝව් කියන්නේ කට්රිනා කුණාටුවේ අත්දැකීම් අනුව වසර කිහිපයක් යන තෙක් ප‍්‍රතිසංස්කරණ සිදුවනු ඇති බවයි. ඔහුට අනුව සාමාන්‍යයෙන් පවුලක් ගෘහභාණ්ඩ සහ අලංකරණ සඳහා ඩොලර් 8000ක් පමණ වැය කරනු ඇත. නිවාස සංවර්ධනය සහ ඉදි කරන්නන්ගේ ආදායම් විශාල ලෙස ඉහල ගොස් ඇත. සියළුම අංශ මේ ආකාරයට තම පාඩු පිරිමසා ගන්නේ නැත.

MOODY ANALYTICS හි ආර්ථික විද්‍යාඥ මාර්ක් සින්ඩි කියා සිටියේ ගුවන් යානාවල ගමන් වාර ආපන ශාලා වල කෑම වැනිදේ නැවත නොලැබෙන නිසා ඩොලර් බිලියන 20 ක පමණ පාඩුවක් ඉතිරි වන බවයි. සැන්ඩි කුණාටුවෙන් සිදුවූ රක්ෂිත හානිය ඩොලර් බිලියන 7ත් 25ත් අතර වන අතර නැතිවූ වැටුප් සහ විකුණුම් එකතු කල විට ඩොලර් බිලියන 50ක් පමණ වනු ඇත. මෙය කැට්රිනා කුණාටුවෙන් සිදුවූ හානිය වන ඩොලර් බිලියන 146ට වඩා පසුපසින් ඇත.

ඔක්තෝබර් 29 ඇතිවූ සැන්ඩි කුණාටුවෙන් ජීවිත 100ක් පමණ නැතිවූ අතර ගුවන් ගමන් 2000ක් අවලංගුවී මිලියන 8.5ක පමණ නිවාස සහ ව්‍යාපාර වල විදුලිය ඇණහිට තිබුණි.

No comments:

Post a Comment