ඉරානයෙන් ගාසා තීරයට එවන රොකට් සහ අනෙකුත් අවි ආයුධ විනාශ කරන බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කරයි. ගාසා සහ ඊශ‍්‍රායලය අතර සටන් විරාමයක් පවතිද්දීත් මෙම තර්ජනය නිකුත් කර තිබේ.
ගාසාවට යන බවට සැක කෙරෙන භාණ්ඩ ප‍්‍රවාහන නැවක් ඉරානයේ බන්දාර් අබ්බාස් වරායේදී ඊශ‍්‍රායෙල් ඔත්තු චන්ද්‍රිකාවක් මගින් නිරීක්ෂනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නැව ගිය සතියේ ගමන් ආරම්භ කල බව වාර්තා වන අතර එහි හමාස් සංවිධානය භාවිතා කරන FAJR5 රොකට් සහ SHAHAB 3 බැලස්ටික් මිසයිල ඇති බවට විශ්වාස කෙරේ.
රතු මුහුද සූඩානය සහ ඊජිප්තුව හරහා ගමන් කරන නැවේ ඇති ආයුධ කාන්තාරය හරහා ගෙන ගොස් සිනායි වලින් හමාස්වරුනට ලබා දෙනු ඇතැයි අනුමාන කෙරේ. මෙම පුවත වාර්තා වූයේ සටන් විරාමය තිබුනද තමන් ආයුධ රැස්කිරීම නොනවත්වන බව හමාස් නායකත්වය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
තමන්ට හැකි සියළුම ආකාර වලින් ආයුධ රැස්කිරීමට සිදුවන බවත් ඉදිරියේදී ටෙහෙරානයෙන් හමුදා සහ මූල්‍ය ආධාර ලැබීම වැඩි වනු ඇති බවත් ජේෂ්ඨ හමාස් නායක මහමුද් අල් සහාර් වාර්තා කරුවන්ට කියා ඇත.
IRNA පුවත් ආයතනය වාර්තා කලේ සෙනසුරාදා ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඞ් ගාසාවට උදව් කරන බව තහවුරු කර ඇති බවයි. දින 8ක් තිස්සේ එල්ල වූ ඊශ‍්‍රායෙල් ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් බොහොමයක් ඇතුළු පලස්තීනුවන් 168 ක් මිය ගොස් ඇති අතර ඩොලර් මිලියන 300ක පමණ ආර්ථික හානියක් ද සිදුවී ඇත.

No comments:
Post a Comment