Pages

11/26/12

සිනායි වෙත හමුදා එවීමට ඇමරිකාව සූදානම්

ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමය ඇති වුනේ ඇමරිකාව සිනායි වෙත හමුදාවක් එවීමට පොරොන්දු වූ පසුව බව ඊශ‍්‍රායලයේ ඩෙබ්කා පුවත් සේවය වාර්තා කරයි. ගාසා තීරයට නුදුරෙන් පිහිටි සිනායි අර්ධද්වීපයට ඉක්මනින් ඇමරිකානු හමුදා යොමු කරනු ඇත.
මේ ප‍්‍රදේශය හමාස් සංවිධානය ඉරානයේ අවි ජාවාරම් කරුවන් ගෙන් අවි සපයා ගන්නා කලාපය ලෙස සැලකෙයි. මෙම සැලස්ම මගින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට අවි ලැබිම වැලැක්වීමයි.

ජනපති ඔබාමා සහ නෙතන්යාහු අතර දුරකථන සාකච්ඡවකින් පසු මෙම තීරණය ගෙන ඇත. මීට පෙර ඊශ‍්‍රායලය සිවිල් වැසියන් ඇතුළු පලස්තීනුවන් 100ක් පමණ ඝාතනය කරමින් ප‍්‍රහාර එල්ල කලහ.

සතියක සටන් වලින් පසු විරාමයක් සඳහා පෙලඹවීම් ඇතිවිය.

නෙතන්යාහු නොකඩවාම ඉරානයේ න්‍යෂ්ඨීක ක‍්‍රියාකාරකම් ප‍්‍රශ්නයක් මතු වුවහොත් පහර දෙන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

දැන් ඉරානය වටා වූ මැදපෙරදිග විශාල මූලස්ථාන සංඛ්‍යාවක ඇමරිකානු හමුදා රඳවා ඇත.

No comments:

Post a Comment