දෙවන වරටත් අමෙරිකාවේ ජනාධිපති ධූරයට තේරිපත් වී සිටින ජනාධිපති ඔබාමා සිය ප්‍රථම විදේශ සංචාරය අරඹමින් මියන්මාරයයට යෑමට නියමිතය.
නොවැම්බර් 17 -20 දින දක්වා ආසියාවේ සිදුකරන මෙම නිල සංචාරයේ දි ඔහු තායිලන්තයේත් , කාම්බෝජයේත් සංවාරය කරනු ඇත.
ජනාධිපති බැරක් ඔබාමා මියන්මාරයේ සංචාරය කරන ප්‍රථම අමෙරිකා ජනාධිපතිවරයා ද වනු ඇත. මේ අතරවාරයේදී ඔහු කාම්බෝජයේ පැවැත්වෙන නැගෙනහිර ආසියා සමුළුවටද සහභාගිවිමට නියමිත අතර අවුන් සාන් සුකී සමඟද සාකච්ඡා කිරිමට නියමිතය. තායිලන්තයේ දි ඔබාමා එරට අගමැතිනි යිංලක් ෂීනවාත්‍රා හමුවනු ඇත.

No comments:
Post a Comment