Pages

11/12/12

ජබ් තක් හේ ජාන් පාකිස්තානයේ තහනම් කරයි

යෂ් චොප්රා විසින් අධ්‍යක්ෂනය කරන ලද අවසාන චිත්‍රපටය වනජබ් තක් හේ ජාන් චිත්‍රපටය පාකිස්තානය තුල තහනම් වී ඇති බැව් විදෙස් වාර්තා සදහන් කරයි.ඒ පාකිස්ථාන
චිත්‍රපට රැගුම් පාලක මණ්ඩලය මෙම චිත්‍රපටය එරට තුළ පෙන්වීම සදහා කැමැත්ත පල නොකිරීම නිසාවෙනි.

කෙසේ වෙතත් මේ පිළිබදව දිනපතා පුවත් පතකට අදහස් දක්වමින් පාකිස්ථාන චිත්‍රපට රැගුම් පාලක මණ්ඩලයේ නිළධාරිකයෙකු පැවසුවේ ෂාරැක් ඛාන් මෙහි හමුදා නිළධාරියෙකු ලෙස කාශ්මීර යුද්ධයකට පැටලෙන බවත්,එහිදී ඔහු
ඔහු බොම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරියෙකු ලෙස ඇතැම් සිදුවීම් තරමක් ඉස්මතු කර දැක්වීමට උත්සාහගෙන ඇති බවයි.චිත්‍රපටය  පාකිස්තානය තුල තහනම් කිරීමට ප්‍රබලතම හේතුව මෙය බව පවසන එම නිළධාරියා.තව දුරටත් පවසා සිටියේ
පාකිස්තාන රූපවාහිනී නාලිකා වල මෙහි පූර්ව ප්‍රචාරක පටය විකාශය කිරීමද තහනම් කර ඇති බවයි.

ජබ් තක් හේ ජාන් චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සමග අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කයිෆ් රඟන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ යෂ්ගේ පුත් ආධිත්‍ය චොප්රා විසිනි.මෙම කතාව හා තිර පිටපතද ආධිත්‍යගෙනි.මියුරු සංගීතය සුපිරි සංගීතඥ ඒ.ආර්.රහමාන්ගෙනි.

යුදමය පසුබිමක් ත්‍රල ගෙතෙනා මෙම අපූරු ප්‍රේම වෘතාන්තයක් හා බැදුණු ජබ් තක් හේ ජාන් නොවැම්බර් මස13 දක්වා තිරගත වීමට නියමිතයි.

1 comment: