Pages

5/8/13

ඉම්රාන් ඛාන් මැතිවරණ රැළියකදී ඇද වැටෙයි

පාකිස්ථානයේ පළමු පෙළ දේශපාලනඥ මෙන්ම හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන් ලාහෝරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

පාකිස්ථාන වාර්තා පවසන්නේ වෙළෙඳපොළක් ආශ්‍රිතව රැස්වූ ජනතාව ඇමතීම සඳහා ඔහු ෆෝක් ලිෆ්ට් යන්ත්‍රයකට නැගි අවස්ථාවේ මේ අනතුරට මුහුණ පා ඇති බවය.
ඉම්රාන් ඛාන්ගේ හිසට තුවාල සිදුව ඇතත් තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති.

අනතුරින් පසුව රෝහලේ ඇඳක් මත සිට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනතාව ඇමතූ ඔහු සෙනසුරාදා පැවැත්වෙන මැතිවරණයේදී ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

No comments:

Post a Comment