
කඩාවැටුණු ගොඩනැගිල්ලේ දෙවන මහලේ සුන්බුන් අතර මෙම කාන්තාව සිරවී සිට ඇති බව සඳහන්ය.
මුදාගන්නා අවස්ථාවේ ඇයට බරපතළ තුවාල කිසිවක් සිදුව නොතිබූ බව වාර්තා වේ.
රෙෂ්මා නැමැති මෙම කාන්තාව දින 17ක් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිට ඇත.
මෙම කාන්තාව සොයාගැනීමත් සමග ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම තාවකාලිකව නවතා දැමීමට බංග්ලාදේශ සහන කණ්ඩායම් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ගොඩනැගිලි අනතුරින් 500ට අධික සංඛ්‍යාවක් මිය ගිය බව පැවසෙයි.
No comments:
Post a Comment