Pages

5/13/13

බද්ධ නිවුන් දරු උපතක් නිවසේදී

කඳින් පහළ කොටස් එකිනෙකට බද්ධ වූ නිවුන් දරු උපතක් ඉන්දියාවේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ පන්වේල් ග්‍රාමයෙන් වාර්තා විය. මෙම පුවතේ විශේෂත්වය වන්නේ මෙම කාන්තාව මේ අසාමාන්‍ය දරු ප්‍රසුතිය සිදු කර ඇත්තේ ඇගේ නිවසේදී වීමය.

මේ බද්ධ නිවුන් දරු උපත පිළිබඳව නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෝ බලවත් සේ විමතියට පත්ව සිටිති. අනිවාර්යෙන්ම රෝහලකදී වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිසේරියන් සැත්කමක් මගින් මෙවන් දරු උපතක් සිදු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.
නමුත් උග්‍ර දිළිඳු බව නිසා අඩුම වශයෙන් මාතෘ සායනයකට හෝ යා ගත නොහැකිව මෙම දරු ප්‍රසූතිය නිවසේදී සිදු කළ බව කම්කරුවෙක් වූ ඇගේ ස්වාමිපුරුෂයා පවසයි.


No comments:

Post a Comment