Pages

3/25/13

ඇමරිකා උණ්ඩයකින් ඉරාන ජනපතිවරයා නූලෙන් බේරේ

2006 එක්සත් ජාතින්ගේ රැස්වීමකදී ඇමරිකානු නිලධාරියෙකුගේ අහම්බෙන් ක‍්‍රියාත්මක වු උණ්ඩයකින් ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඞ් බේරී ඇත්තේ නූලෙන් බව අළුත්ම කෘතියක දක්වා ඇත. ඝාතන තැතක් යයි චෝදනා එල්ලවීම ගැන බියෙන් ඇමරිකාව සිද්ධිය සඟවා තිබේ.
නිවුයෝර්ක් ඉන්ටර්නැෂනල් හොටලයෙන් ජනපතිවරයා පිටවන විටම ජෝර්ජ් w. බුෂ් ජනාධිපතිවරයාගේ රථ පෙලපාලියේ තිබූ තුවක්කුවක් සැකසීමට යාමේදී එය ක‍්‍රියාත්මක වී තිබේ. මේ සිද්ධිය අනාවරණය කර ඇත්තේ ‘ඞීප් ස්ටේට්: ඉන්සයිඞ් ද ගවර්මන්ට් සීක‍්‍රසි ඉන්ඩස්ටි‍්‍ර’ නම් මාර්ක් ඇම්බයින්ඩර් සහ DB ගේ‍්‍රඩි විසින් ලියන ලද පොතකය.

ජනපති බුෂ්ගේ එදිනෙදා රහස් තොරතුරු සාරාංශයේ මේ බව ලියා ඇතැයි කෘතියේ සඳහන් වෙයි. සිද්ධිය අවස්ථාවේ සියළු දෙනා ගල් ගැසී ගිය බවත් ඇමරිකානුවන් හා ඉරාන්වරු එකිනෙකා දෙස බැලූ බවත් මෙහි ලියා ඇත. නිලධාරියා සමාව ඉල්ලා සිටින අතරතුර ජනපති අහමදිනෙජාඞ් නැවත තම රථයට නැගී ඇත.

ඉරානයේ නිහඬ බවෙන් පෙනී යන්නේ ඔවුන් විමසිල්ලෙන් ක‍්‍රියා කරන බව යයි ඇමරිකානු නිලධාරීන් කියා ඇත. ඉරානයේ න්‍යෂ්ඨීක අවි ගැන කතාබහට ලක්ව තිබූ යුගයේ සිදුවූ මෙම ප‍්‍රහාරය බුෂ් පරිපාලනය විසින් යට ගසනු ලැබුවේ අන්තර්ජාතික මතභේදයක් ඇතිවීමේ බිය නිසාය.

ඉරානය සතුයයි කියන න්‍යෂ්ඨීක අවි වැඩසටහන නිසා ඇමරිනාකු හා ඉරාන සබඳතා වලට සැලකිය යුතු හානියක් සිදුවී ඇත. ඔබාමා පරිපාලනය විසින් ඉරානයට සම්බාධක පනවා තිබේ. ටෙහෙරානයේ න්‍යෂ්ඨීක සැලසුම සිවිල් අරමුණු සඳහා බව ජනපති අහමදිනෙජාඞ් නැවත නැවතත් කියා සිටියි.

පෙබරවාරියේදී මේ පිලිබඳව ඇමරිකාව හා සාකච්ඡුා කිරීමට සූදානම් බවක්ද ඔහු පලකර සිටියේය. ඉරානයට පහර දීමේ උවමනාවක් ඊශ‍්‍රායලයට ඇතත් තම අරමුණ ආරක්ෂව වන බැවින් තමන් පහර නොදෙන බව අහමදිනෙජාඞ් අල් අරාම් පුවත්පතට කියා තිබේ.

No comments:

Post a Comment