
ඒ කාලයේ විශාල ව්‍යසනයක් ලෙස හැඳින්වුණ එම සිද්ධියෙන් 257 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා.
මෙම නඩුවේදී සංෙජ්ගේ නීතීඥයින් පෙන්වාදුන්නේ ඔහු ආයුධ සුරක්ෂිත කිරීමේ චේතනාවකින් මේ බෝම්බ සැපයීම සිද්ධ කළ නමුත් ඒවා මෙවැනි විනාශයක් සඳහා උපයෝගී කරගනිවි යයි දැන නොසිටි බවයි. සංෙජ්ගේ මව මුස්ලිම් ජාතික බවත් පියා හින්දු බවත් කියා සිටි නීතීඥයින් මේ නිසා ඔහුට හින්දු විරෝධයක් කිසිම අවස්ථාවක නොතිබුණ බවත් මුම්බායි ප්‍රහාරය ඔහුට අදාළ කුමන්ත්‍රණයක් නොවන බවත්ය.
කෙසේ වෙතත් කරුණු සලකා බලා අද එහි තීන්දුව ප්‍රකාශ කෙරුනේ සංෙජ් දත්ට වසර 5 ක සිර ද~ුවමක් පනවමිනි.
ඔහුගේ වයස 53 ක් වන අතර මෙම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයකට යන්නේද යන්න ගැන තවම මාධ්‍යයට අදහස් දක්වා නැති බවද වාර්තා වෙනවා.
No comments:
Post a Comment