Pages

1/8/13

ණය අර්බුදය

ඔබාමා ඩොලර් ටි‍්‍රලියන ගණනක කාසි අච්චු ගැසීමට යයි

දැනට අත්හිටවා ඇති රාජ්‍ය මූල්‍ය කප්පාදුව සමඟ සති කිහිපයකින් ණය ඉහල දැමීම වොෂින්ටනයේ ඊලඟ ප‍්‍රධාන මූල්‍ය ප‍්‍රශ්නය වනු ඇත.
පෙබරවාරිය වන විට ඇමරිකාව විදේශ ණයවල උපරිම සීමාවට ලඟා වනු ඇති අතර සීමාව ඉහල දමනවාද? වෙනත් විසඳුමක් සොයනවාද? යන්න තීරණය කිරීමට නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයට හා සෙනෙට් මභාවට සිදුවෙයි.

තවත් විකල්පයක් ලෙස ඩොලර් ටි‍්‍රලියන කිහිපයක ප්ලැටිනම් කාසි අච්චු ගැසීමේ සැලසුමක්ද මතුවී ඇත. නෝට්ටු මුදල් නිතරම ණය ගැනීමේ විකල්පයන් නැති කරන නිසා කාසිවලින් යම් සාර්ථකත්වයක් ලැබිය හැක.

ආර්ථික විශ්ලේෂක ක‍්‍රිස් කෘගර් කියනනේ නෝට්ටු මුදල් සංසරණයේ සීමාවන් සහ තඹ හා රන් කාසි සම්බන්ධව නීති පවතින අතර භාණ්ඩාගාරය ප්ලැටිනම් කාසි පිලිබඳ අපේක්ෂාවෙන් ඇති බවයි. බිල් ගෙවීම වෙනුවෙන් හිතුමතේ මුදල් අච්චු නොගැසිය හැකි අතර ප්ලැටිනම් කාසි භාණ්ඩාගාර ගිණුමේ තැන්පත් කර ඉන් බිල් ගෙවීමට හැකිය.

දරුණු එකක් ලෙස පෙනුනත් මේ අදහස 2013 මුල සිටම මාධ්‍ය මගින් සාකච්ඡුාවට ලක් විය. සෙනෙට් සභික ජෙරල්ඞ් නැඞ්ලර් කියා ඇත්තේ මෙය මෝඩ අදහසක් ලෙස පෙනුනත් ඉතාම නීත්‍යානුකූල බවයි.

පුද්ගලයන් 1000 කට වඩා දැනටමත් කාසි අච්චු ගැසීමට නියෝග කරන ලෙස ඔබාමා රජයෙන් ඉල්ලා ධවල මන්දිර නිල වෙබ් අඩවියේ අදහස් පලකර ඇත. නිවුයෝර්ක් ටයිම්ස් ආර්ථික විද්‍යාඥ පෝල් කෘග්මන් ද මේ සතියේ ඒ පිලිබඳ අදහස් පල කර ඇත. කාසිය නිර්මාණය කර ගැනීමද භාරදුර කාර්යයකි.

මෙවැනි ක‍්‍රියාමාර්ග ගැනීමේ සම්භාවිතාව ඉතා අඩු බව කෘගර් කියා සිටින අතර බිස්නස් ඉන්සයිඩර් හි වීසෙන්තාල් කියන්නේ මෙය මෝඩ තීරණයක් බවයි.

No comments:

Post a Comment