හාමතෙන් ලාභ ගැනීම
ආහාර වෙලඳාම් වලින් ගෝල්ඞ්මන් සැච්ස් වැනි ප‍්‍රබල ආයතන ඩොලර් මිලියන සිය ගණනක් උපයමින් සිටිති. විවේචන වලින් ඔවුන් හාමත හා වෙලඳපොල හැසිරවීම මගින් ලාභ ලබන බවට චෝදනා නැගෙන අතර වෙලඳ ආයතන කියන්නේ චීනයේ පරිභෝජනය වැඩිවී ඇති නිසා ලාභය වැඩි වූ බවයි.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකරිම ආයතනය (FAO) විසින් දක්වන ලද ආහාර මිල ගණන් පසුගිය වසර 10 තුල දෙගුණයකට වඩා වැඩි වී ඇත. ප‍්‍රධාන ආහාර ද්‍රව්‍ය 5ක FAO මිල දර්ශනය සෑම විටම පෙර වසරට වඩා 50% කින් වැඩිවේ. වසර 50 කට පසු ඇමරිකාවට ඇතිවූ දරුණුතම නියඟයත් රුසියාවේ හා යුක්රේනයේ අඩු අස්වැන්න නිසාත් 2013 දී තවත් මිල ඉහල යාමක් විය හැකිය.
එක්සත් ජාතීන් අනතුරු අඟවන්නේ ආහාර අර්බුදයක් ලඟ එන බවයි. ආහාර සඳහා ආයෝජනය කරන අය මිලියන ගණන් ලාභ උපයති. ලෝක සංවර්ධන ව්‍යාපෘතියේ (WDM) විශ්ලේෂණයකට අනුව ගෝල්ඩන් සැච්ස් ආයතනය 2012 දී ඉරිඟු හා තිරිඟු වල සිට තේ හා කෝපි දක්වා වු ආහාර ද්‍රව්‍ය වලින් ඩොලර් මිලියන 400ක් උපයා ඇත.
WDM මෙන්ම ෆුඞ් වොච්, ඔක්ස්ෆැම්, සහ සීඞ් වැනි සංවිධාන ආහාර මිල ඉහල දැමීමට ඉඩ දීම ගැන මූල්‍ය ආයතන වලට දොස් පවරති. සංවර්ධනය වෙමින් ඇති රටවල ආහාර ඉල්ලූම වැඩි වෙමින් ඇති අතර ආහාර වෙනුවට ඉන්ධන සඳහා ඉරිඟු සහ බඩ ඉරිඟු වැවීමද වැඩි වෙමින් ඇත. බොහෝ මූල්‍ය ආයතන තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන අතර ආහාර මිලට ලංසු තැබීම දිගටම කරන බව පවසයි.
ඩොයිෂ් බැංකුවේ සම ප‍්‍රධාන විධායක පර්ගන් ෆිට්ෂේ කියා සිටියේ කෘෂිකාර්මික නිෂ්පාදන වලට සම්බන්ධ මූල්‍ය සැපයුම දිගටම සිදු කරන බවයි. අනෙකුත් ආයතන බලපෑම් හමුවේ ඒවාට නතුවෙමින් ආහාර වලින් ලාභ ලැබීමේ අපේක්ෂාව අත්හැර ඇත.

No comments:
Post a Comment