වෙනිසියුලානු රජයට අනුව ජනාධිපති හියුගෝ චාවේස් පෙනහළු ආබාධයක් නිසා ශ්වසන අපහසුතාවයකින් පෙලෙයි. සන්නිවේදන ඇමති අර්නස්ටෝ විලේගාස් කියා ඇත්තේ වෛද්‍යාධාර නියමිත ආකාරයෙන් ලබා දීම අත්‍යවශ්‍ය වන බවයි.
චාවේස්ගේ වර්තමාන සෞඛ්‍ය තත්වය පිලිබඳව රජයේ ප‍්‍රකාශනයේ සඳහන්ව නැත. කලින් ප‍්‍රකාශ වුයේ යම්කිසි පිලිකාවක් සඳහා ශල්‍යකර්ම වලට ලක්වූ පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය දුර්වල බවයි. චාවේස් මරණාසන්නව ඇති බවට පැතිරෙන කටකතා ප‍්‍රතික්ෂේප කිරීමට රජය කටයුතු කරයි. වාර්තා වලින් පලවන්නේ වසර 14ක් බලයේ සිටි වෙනිසියුලානු සමාජවාදී නායකයා යන්ත‍්‍රවල ආධාරයෙන් කියුබාවේ කෝමා තත්වයක සිටින බවයි.
ජේෂ්ඨ ඇමතිවරු කටකතා පාලනය කිරීම අතට ගෙන ඇත්තේ විපක්ෂය විසින් චාවේස්ගේ සැබෑ තත්වය මහජනයාට හෙලි කරන ලෙස බලකිරීමෙන් පසුවයි. මෙම කටකතා වලින් සිදුු කරන්නේ ඔක්තෝබර් 7 වන දා ඡන්ද ප‍්‍රතිඵලය හෝ චාවේස් නායක්වය දුුන් බොලිවේ්රියානු විප්ලවය නොසලකා හරිමින් බොලිවේරියානු වෙනිසියුලා සමූහාණ්ඩුව අස්ථාවර කිිරීම බව ඔවුන් කියා සිටිති.
හවානා සිට කරකාස් වෙත ආපසු පැමිණි උප ජනාධිපති නිකලස් මැඩුරෝ චාවේස්ගේ සැත්කමින් දින 22 ක් ඇතුලත තොරතුරු දැක්වීම් 26 ක් වත් සිදුව ඇති බව කියා සිටියි. නමුත් රජයට සැබෑ තත්වය හෙලි කරන ලෙස ඇති පීඩනය වැඩි වන්නේ දිවුරුම් දීමේ දිනය ලඟාවන විටය.
සතියකට අඩු කාලයක් ඇති උත්සවයට චාවේස් නොපැමිණියොත් දින 30ක් ඇතුලත යලි ජනපතිවරණයක් කැඳවිය යුතුය. මේ අතර වෛද්‍යවරුන් ඔහුගේ තත්වය ගැන අදහස් දක්වමින් කියන්නේ ලැබෙන තොරතුරු අනුව නම් එය බරපතල වන බවයි.

No comments:
Post a Comment