Pages

1/5/13

පුටින් ලෝක බලවතුන්ගේ ලයිස්තුවේ මුල් තැනට

අන්තර්ජාතික බුද්ධි මණ්ඩලයක් වන යුරේසියා කණ්ඩායම රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ලෝක බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට නම් කර ඇත. ලෝකයට පැහැදිලි නායකයෙක් නැති බව අවබෝධ කරමින් එහි පලමු තැන හිස්ය.
‘ෆොරීන් පොලිසි’ සඟරාව පලකරන මෙම ලැයිස්තුව සාදනු ලබන්නේ පුද්ගලයන් වැඩිම පිරිසකගේ ජිවිත වලට බලපාන වෙනස්කම් තනිව සිදු කිරීමේ හැකියාව අනුවයි. යුරේසියා කණ්ඩායමේ සභාපති ඉයන් බ්‍රෙමර් කියන්නේ පලමු තැන හිස්ව තැබුවේ නූතන ලෝකයට සැබෑ නායකයෙක් නැති නිසාත් බලයේ සිටින අය ගෝලීය අභියෝග වලට මුහුණ නොදෙන නිසා බවත්ය.

රටේ ඇති පුද්ගලික අයිතියක් සහිත පාලනය සහ කලාපීය කටයුතු වලට ඇති බලපෑම නිසා පූටින්ට දෙවන තැන ලැබී ඇත. ඇමරිකානු ආර්ථිකයට හා එමගින් ගෝලීය ආර්ථිකයට බලපෑම් කල හැකි ආකාර ගණන නිසා ෆෙඩරල් විශේෂ බලකායේ ප‍්‍රධානී බෙන් බර්නාක් තුන්වන තැන ලබාගෙන සිටී. යුරෝපය බැඳ තබන බලය වන ඇන්ජලා මර්කල්, ඇමරිකානු ජනපති ඔබාමා, යුරෝපා මහබැංකු සභාපති මාරියෝ ඩ‍්‍රැගී සහ චීනයේ නව නායක ෂී පින්ජිං ආදීහු ඊලඟට මෙම ලැයිස්තුවේ සිටිති.

8 වන ස්ථානය සඳහා සමතැන් ගෙන ඇත්තේ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කලමණාකරන අධ්‍යක්ෂ ක‍්‍රිස්ටීන් ලැගේ‍්‍රඞ් ය.

හයිඩ්‍රොකාබන් බලශක්තියේ නායකත්වය තීරණය කල හැකි සෞදිඅරාබි පාලක දැනට අසනීප තත්වයෙන් පසුවන අබ්දුල්ලා බින් අඞ් අල් අසිස් රජතුමා දසවන ස්ථානයේ සිටී.

No comments:

Post a Comment