රුසියා-ඇමරිකා නව සීතල යුද්ධය ඇරඹේ
රුසියාව හා ඇමරිකාව අතර එකට එක කිරීම නිසා අළුත් ශිතල යුද්ධයක් ඇරඹී ඇතැයි රුසියාව පිලිබඳ විශේෂඥයකු වන ස්ටෙෆාන් කොහෙන් පවසයි. වොෂිංටනයේ මොස්කවු පිලිබඳ ප‍්‍රතිපත්තිය දෙරට අතර ආතතිය වැඩි වීමට හේතුව ලෙස චෝදනාවට ලක්ව ඇත.
පසුගිය වසර 20 තිස්සේ පැවති ප‍්‍රතිපත්තියම ඔබාමාද අනුගමනය කිරීම නිසා ඇමරිකාව හා රුසියාව අතර සම්බන්ධතා යලි පණගත නොහැකි මට්ටමට පැමිණ ඇතැයි නිවුයෝර්ක් සහ ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යල වල රුසියානු අධ්‍යයන හා ඉතිහාසය පිලිබඳ මහාචාර්ය කොහෙන් පවසයි.
රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡවකදී ඔහු පහත අදහස්ද පල කර ඇත. ඇමරිකාව මැග්නිට්ස්කි පනතත් රුසියාව දරුවන් හදා ගැනීම තහනම් කරන පනතත් සම්මත කිරීම හුදු ක‍්‍රියාමාර්ග නොව රටවල් දෙක අතර සම්බන්ධතා වලට බලපාන ප‍්‍රතිඵල ලබා දෙන පියවරවල්ය. ඇමරිකාවේ නීති සම්පාදනය කරන්නේ කුමක්ද එහි ප‍්‍රතිඵල මොනවාදැයි අවබෝධයෙන් යුතුව ත‍්‍රියාත්මක වේ.
මැග්නිට්ස්කි පනත ගෙන ඒමෙන් ඇමරිකාව බලාපොරොත්තු වූයේ රුසියාවේ ඇති ඩොලර් විකුණනු ඇති බව හෝ නේටෝවට සහාය අඩු කිරීම වැනි පියවරකි. නමුත් දැන් අනත්දරු ප‍්‍රශ්නය මතු වීමෙන් ඔවුන් පුදුම වී සිටිති. රුසියාව සහ ඇමරිකාව තම අනොන්‍ය අවශ්‍යතාවයන් තේරුම් නොගෙන සම්බන්ධතා යලි ඇරඹීමක් සිදු නොවේ.
පසුගිය ඡන්දයේදී රිපබ්ලිකන් පාක්ෂිකයන් රුසියාව ගැන මෘදු ලෙස ක‍්‍රියා කරන බවට ඔබාමාට චෝදනා කලේ කියන්නට වෙනත් දෙයක් නැති වූ බැවිනි. සත්‍යය වන්නේ ක්ලින්ටන් ආරම්භ කල මොස්කවු ප‍්‍රතිපත්තියම ඔබාමා ඉදිරියට ගෙන යන බවයි.
දෙරටේ නායකයන් දෙදෙනා එක්වී ‘අපි මිත‍්‍රයන් වෙමු’යයි ප‍්‍රකාශ කලාට සිදු වන දෙයක් නැත. සෝවියට් සංගමය අවසන් වූ දා සිටම සැබෑ සම්බන්ධතාවයක් ඇතිවී නැති අතරම අනත්දරු පනත නිසා සිදුවී ඇත්තේ තවදුරටත් දෙරට ඈත් වීමයි.

No comments:
Post a Comment