Pages

12/12/12

HSBC කළු සල්ලි ජාවාරම පිලිගනී, වන්දි ගෙවා බේරේ

ලොව විශාලම බැංකුවක් අනතුරේ හෙලීම ගෝලීය ආර්ථික ව්‍යූහය අස්ථාවර කිරීමක් වන නිසා බි‍්‍රතාන්‍යය පදනම් වූ HSBC බැංතුවට කළු සල්ලි ගණුදෙනුවක් පිලිබඳව අධිචෝදනා ගොනු නොකිරීමට රාජ්‍ය අධිකාරීන් තීරණය කර ඇත.
ඒ වෙනුවට ඩොලර් මිලියන 1.92 ක හිලවුවක් ගෙවන ලෙස අඟහරුවාදා නිවේදනය කරන ලදී. ඉරානය වැනි රටවලට මුදල් සැපයීමත් ඇමරිකානු ශාඛා වලින් මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නීති විරෝධීව මුදල් හුවමාරු කිරීමත් පිලිබඳ බැංකුවට චෝදනා එල්ල විය.

තමන් අධිකාරීන් සමඟ එකඟතාවයකට එලඹුනු බවත් මින් ඉදිරියට ආර්ථික පද්ධතිය අස්ථාවර කරන මෙවැනි වැරදි සිදු නොවන පරිදි රජයන් හා මූල්‍ය පරිපාලන ආයතන සමඟ සහයෝගීව කටයුතු කරන බවත් HSBC ප‍්‍රධාන විධායක ස්ටුවර්ට් ගලිවර් ප‍්‍රකාශනයක් නිකුත් කරමින් කියා ඇත. මේ සිද්ධිය නිසා විශාල බැංකු වලට එරෙහිව චෝදනා ගොනුකල නොහැකිදැයි ප‍්‍රශ්නයක් මතුවී ඇත.

ලේමන් බ‍්‍රදර්ස් සමාගමේ ද මෙවැනි තත්වයක් මතුවී ආර්ථිකය කඩා වැටීමට ආසන්න වුවත් බලධාරීන් ඒ පිලිබඳව දැඩි තීරණයක් නොගන්නා ලදී. නමුත් විශාල බැංකු වලට එරෙහිව මෙවැනි තීරණ ගැනීමෙන් බලවත් බාධාවක් ඇතිවන නිසා මෙම තීරණය මාස ගණනාවක් තිස්සේ සලකා බැළුනි.

බැංකුවට අපරාධ චෝදනා ගොනු නොකලත් දඬුවම් හා සම්බාධක රැසක් පනවා ඇත. ඩොලර් බිලියන 1.2 ක ගෙවීමක් සහ ඩොලර් මිලියන 700ක දඩයක් ගෙවීම ඒ අතර වෙයි.

ඊලඟ වසරේදී බැංකුව තම අභ්‍යන්තර පාලනයන් වැඩි කර ඉදිරි වසර 5 තුලදී ප‍්‍රශ්න ඇති කර නොගෙන සිටිය යුතුය. එසේ වුවහොත් නැවත අපරාධ චෝදනා ෂලකා බැලෙනු ඇත.

2010 නිති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප‍්‍රධානී ලැනී A. බෲවර් විසින් ඇතිකල කළු සල්ලි බලකාය විසින් බැංකු වලින් ඩොලර් බිලියන 3 ක දඩ මුදල් එකතු කර ඇත්තේ මෙවැනි හේතු නිසාය.

HSBC බැංකුව සඳුදා කියා සිටියේ මෙවැනි ගණුදෙනු වලට එරෙහිව ඇතිකල අංශයේ ප‍්‍රධානීයා ලෙස රොබට් වර්නර් පත් කරන බවයි.

No comments:

Post a Comment