Pages

12/12/12

දරුවෙකු ලවා සිරකරුවෙකුගේ හිස මන්නයකින් කපා වෙන් කරයි...

සිරියාව – දරුවෙකු ලවා සිරකරුවෙකුගේ හිස මන්නයකින් කපා වෙන් කරයි...

නිරායුධ සිරකරුවෙකුගේ හිස කපා දැමීමට සිරියානු කැරලි කරුවන් ලමයෙකුට බල කරන වීඩියෝවක් මෑතකදී youtube හි පල කර තිබුණි. සිරියානු විපක්ෂයට අවි සැපයීමට ඇති විදේශ රටවල උවමනාව අඩු කිරීමට මෙවැනි වීඩියෝ රැසකින්ම පුලුවන් වී නැත.
දරුවා විසින් මන්නයකින් වෙන් කරන ලද හිස ඔසවා ‘අල්ලාහු අක්බාර්’ හෙවත් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යනුවෙන් ඔවුන් හඬ නැගූහ.

සිරියාවේ අභ්‍යන්තර ගැටුම් නිසා මරණ සංඛ්‍යාව 40000 දක්වා ඉහල නැංවූ මෙවැනි සිදුවීම් රැසක්ම 2011 මාර්තුවෙන් පසු වාර්තා වී ඇත. සිරියාවේ දාමරික කම් වැඩි වෙද්දී ඇමරිකාව පලමු වරට එලිපිටම සිරියානු විපක්ෂයට අවි සැපයීමේ මෙහෙයුමක් අරඹා ඇත.

සන්ඬේ ටයිම්ස් වාර්තා කරන්නේ දැනටමත් විපක්ෂයට අවි සැපයෙන මැදපෙරදිග හරහා මෝටාර්, ග්‍රෙනේඞ් විදින සහ ටැංකි නාශක මිසයිල මෙසේ යැවෙනු ඇති බවයි. සිරියාව රසායනික අවි භාවිතා කරන්නේ නම් අභ්‍යන්තර ගැටුමට මැදිහත් වන බව බටහිර රටවල් කියයි.

කටාර් සහ සවුදි අරාබිය සිරියානු විපක්ෂයට දැනට අවි සපයන ප‍්‍රධාන රටවල් දෙකයි. බි‍්‍රතාන්‍යය ද කැරලි කරුවන්ට ශරිර ආවරණ ලබා දීමේ සැලසුමක් ඇතත් ආයුධ ලබා දෙන බව කියා නැත.

No comments:

Post a Comment