Pages

12/11/12

ලොව භයානකම ආගම: අදේවවාදීන් ලොව පුරා හිංසනයේ

ක‍්‍රිස්තියානි ආගම සහිත බටහිර සිට ඉස්ලාමීය ආගම ඇති මැදපෙරදිග දක්වාම අදේවවාදීන්  මරණ දඬුවම, ජීවිත කාලීන සිර දඬුවම, පුරවැසි භාවය අවලංගු කිරීම, අධ්‍යාපනය තහනම් කිරීම ආදී හිංසන වලට ලක්වන බව පෙනී ගොස් ඇත.
Freedom Of Thought 2012 නම් වූ අදේවවාදීන් සහ මානුෂවාදීන්ට එරෙහි යටපත් කිරීම පිලිබඳ පිටු 69ක වාර්තාවක් අන්තර් ජාතික මානව වාදී සහ ආචාර ධර්ම එකමුතුව (IHEU) මගින් නිකුත් කර ඇත. මෙහිදී රටවල් 60ක හෘදයසාක්ෂියට බලපාන නීති අනාවරණය කෙරෙන අතර අදේවවාදීන් ඔවුන්ගේ විශ්වාසයන් නිසා හිංසාවට ලක් වීමේ සිද්ධි ලැයිස්තුවක් එහි ඇතුලත්වේ.

ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ පාකිස්ථානය වැනි ඉස්ලාමීය රටවල යටපත් කිරීම් මරණ දඬුවම ද ඇතුලත් දරුණුම ඒවා වෙයි. අපහාස කිරීමේ නීති යටතේ බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව ආදී රටවල මානුෂවාදී සහ අදේවවාදී දර්ශන ප‍්‍රසිද්ධ කිරීම දැඩිව තහනම් වේ. මේ රටවල් බොහොමයක විවිධ සේවා ලබා ගැනීම සඳහා ආගමකට ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය වේ.

ඇමරිකාව, ස්විට්සර්ලන්තය, කැනඩාව ආදී රටවලද මෙවැනි ආගම් පිලිබඳ මත පල කිරීම නිසා මිනිසුන් නොයෙක් ආකාර වලින් විඳින ලද දඬුවම් ගැන සිද්ධි වාර්තාවෙන් දක්වා ඇත. ඉතාලි විදේශ කටයුතු ඇමති ෆ‍්‍රැන්කෝ ෆ්රුටිනි 2010 දී මුස්ලිම් යුදෙවු හා ක‍්‍රිස්තියානි සියළු ආගම් මෙම අදේවවාදී අදහස් වලට එරෙහිව සටන් කිරීමට එකමුතු විය යුතු බව කියා සිටියේය.

No comments:

Post a Comment