Pages

12/12/12

රවි ශංකර් සමුගනී...

අග්‍රගණ්‍ය ඉන්දීය සංගීතඥ පණ්ඩිත රවි ශංකර් මින් පැයකට පමණ පෙර ඇමරිකාවේදී මියගියා.
මියයන විට 92 හැවිරිදි වියේ සිටි ඔහු මෑතකාලීන සංගීත ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම පුද්ගලයින් කිහිපදෙනා අතරින් කෙනෙකි. ඔහු සිතාර් වාදනය නිසා ලෝක ප්‍රසිද්ධය.

1970 දශකයේ ඉන්දියානු සංගීතයේ ප්‍රබෝධයක් ඇති කළ ඔහු දෙවරක් ග්‍රැමී සම්මානයෙන්ද එක්වරක් ඔස්කා නිර්දේශ නාමයකටද හිමිකම් කියූ සංගීතඥයෙකි. 1986 -92 කාලයේ ඉන්දියාවේ රාජ්‍ය සභාවද නියෝජනය කළ ඔහු භාරත රත්න සම්මානයෙන් පිදුම් ලැබුවේ 1999දීය..විවාහ දෙකක් වූ ඔහුගේ ජීවිතයේ දියණියන් දෙදෙනෙකුද ප්‍රසිද්ධ සංගීත ශිල්පිනියන්ය.

No comments:

Post a Comment