2012 දෝහා රාජ්‍යයේදී කාබන් විමෝචනය අඩු කිරීම සඳහා ගත් ආරම්භයන් වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබී නැත. යුරෝපය පමණක් පැහැදිලි විමෝචන ඉලක්කයන් ඇති කර ගැනීමට සූදානම් වී ඇත. ගෝලීය කාබන් ඩයොක්සයිඞ් මට්ටම අඩු කිරීමේ උද්යෝගය අඩුවී තිබේ.
සති දෙකක් තිස්සේ පැවති එ.ජාතීන්ගේ කාලගුණ විපර්යාස සම්මේලනය එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් දිනකින් දිර්ඝ කිරීමට සභාපති අබ්දුල්ලා බින් හමාඞ් අට්ටියා තීරණය කලේය.
මෙහිදී සිදුවූ එකම විධිමත් කටයුත්ත ලෙස දැක්විය හැක්කේ තවත් වසර 8ක් සඳහා කියතෝ සම්මුතිය දික් කිරීමයි. 1997 දී ඇතිකරගත් ගිවිසුම මගින් කාබන්ඩයොක්සයිඞ් විමෝචනය අඩු කිරීමටත් එසේ නොවුනොත් ආර්ථිකමය දඬුවම් ලබා දීමටත් නියම කර ගන්නා ලදී. කෙසේ වුවත් මෙය එතරම් සාර්ථකව ඉදිරියට නොගිය අතර මේ වන විට සමස්ථ ප‍්‍රතිඵලය ලෙස ගෝලීය විමෝචන ප‍්‍රමාණය 58% කින් වැඩි වී ඇත.
මේ අතර එ.ජාතීන්ගේ කාලගුණ විශේෂඥයන් කියන්නේ ගෝලීය උණුසුම් වීම හා සටන් කිරීමට තිබූ විමෝචක මට්ටමෙන් 80% ක පහල යාමක් අත්‍යවශ්‍ය වුවද දැනටමත් සිදුවී ඇති වැඩි වීම සලකා බලන විට 87% ක අඩු කිරීමක් අවශ්‍ය බවයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙයට අදාල නොකරගත් නිසා ජපානය, රුසියාව හා කැනඩාව මින් ඉවත් වූහ. යුරෝපයේ ඉතිරි ප‍්‍රධාන රටවල් සහ ඔ්ස්ටේලියාව එක්ව ගත්කල මුලු කාබන් ඩයොක්සයිඞ් පිට කිරීමෙන් 15% ක් සිදු කරති.
කාබන් ඩයොක්සයිඞ් විමෝචනය සම්පූර්ණයෙන් ලඟා විය නොහැකි ඉලක්කයක් බවට මේ වන විට පෙනී ගොස් ඇත. මේ නිසා ඇතිවන නීතිමය බලපෑම් හමුවේ ඇතැම් විමෝචනය ඉහල රටවල් තම කම්හල් අඩු ප‍්‍රදේශවල ස්ථන ගත කලත් ඉන් සමස්ථ විමෝචනයේ අඩුවක් සිදුවී නැත.

No comments:
Post a Comment