Pages

12/13/12

ගාසා තීරය වනසන්නට ඇමරිකාවෙන් ඊශ‍්‍රායලයට

ගාසා තීරය වනසන්නට ඇමරිකාවෙන් ඊශ‍්‍රායලයට ඩො. මි. 647ක අඩුම කුඩුම

පෙන්ටගනය ගාසා යුද්ධය නිසා වැයවූ අඩුව පිරවීමට නිවැරදි ඉලක්ක බෝම්බ කට්ටල 6900ක් ඊශ‍්‍රායලයට සැපයීමේ ගණුදෙනුවක් අනුමත කර ඇත. එහි වටිනාකම ඩොලර් මිලියන 647 කි.
ඇමරිකාව ඊශ‍්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බවත් එහි ස්වයං ආරක්ෂිත බව ශක්තිමත් කිරීම ඇමරිකාවේ ජාතික අභිප‍්‍රායන්ට වැදගත් බවත් පෙන්ටගනය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත.

බෝයිං සමාගම මගින් නිපදවන ලද මෙම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික යොමු කිරීමේ උපාංග මිසයිල වලට සවි කිරීමෙන් ඒවා ඉතා නිවැරදිව ඉලක්කය වෙත යැවිය හැක. ඉලක්ක ගත ගුවන් ප‍්‍රහාර ඊශ‍්‍රායලය පසුගිය සටනේදී යොදාගත් ප‍්‍රධාන ක‍්‍රමෝපායකි.

පුපුරන ඒකක 10000ක් පමණ ගණුදෙනුවට ඇතුලත් වන අතර ඉන් 3450 ටොන් එකේ බෝම්බද, 1725 ක් කිලෝ 250 ඒවාද අනික් ඒවා  BLU 109 හා GBU 39 වර්ගවල බන්කර් නාශක බෝම්බද වෙයි.

පසුගිය වසර තිස්සේ පලස්තීනය එල්ල කල රොකට් 2000 කට පමණ ප‍්‍රතිචාර ලෙස දක්වමින් ඊශ‍්‍රායලය එල්ල කල බෝම්බ ප‍්‍රහාර වලින් දෙපක්ෂයටම හානි වී ඇත. පලස්තීනයේ හානි වූ සහ කඩා වැටුනු ගොඩනැගිලි වල වියදම ඩොලර් බිලියන 1.2 ක් ලෙස ගණන් බලා ඇත.

හමුදා ක‍්‍රියාන්විතය නිසා ඊශ‍්‍රායලයේ ඍජු වියදම ඩොලර් මිලියන 760 ක් වන අතර සංචාරක ව්‍යාපාරයට බාධා වීමෙන් සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1.8ක් පමණ වෙයි. ගැටුම් වලින් පලස්තීනුවන් 180ක් පමණද ඊශ‍්‍රායෙල් වරු 6ක් ද මියගොස් ඇත.

No comments:

Post a Comment