Pages

12/24/12

හිස්බුල්ලා ඩ්‍රෝන යානා ඊශ‍්‍රායල් ගුවන ආක‍්‍රමණය කරයි

ඊශ‍්‍රායෙල් ගුවන් කලාපයට තවත් ඩ්‍රෝන් යානා එවීමේ හිස්බුල්ලා උත්සාහය ගැන ඊශ‍්‍රායෙල් ගුවන් හමුදාව සැලකිලිමත් වෙයි. පලමුවරට රේඩාර් වලට හසු නෙවන ඩ්‍රෝන් යානයක් ඊශ‍්‍රායෙල් ගුවන් කලාපයට ඇතුල් වී මාස දෙකකට පසු නිකුත් කල වාර්තාවක මේ බව සඳහන් වේ.
සිය ප‍්‍රථම මිනිසුන් රහිත යානය දියත් කිරීමෙන් හිස්බුල්ලා සංවිධානය ධෛර්යමත් වී ඇතැයිද ඊශ‍්‍රායෙල් ගුවන් හමුදාව කියයි. එසේම මේවාට කිලෝ 50ක පමණ පුපුරණ ද‍්‍රව්‍ය ඇතුල් කර මිසයිල ලෙස භාවිතා කල හැකියයිද වාර්තාවේ දැක්වේ. මේජර් ජෙනරාල් අමිර් ඉෂල් උත්සාහ කරන්නේ ඊශ‍්‍රායෙල් ගුවන් කලාපය තුල මෙම යානා වල අනාගත සාර්ථකත්වය අත් හිටුවීමටයි.

ඊශ‍්‍රායෙල් ගුවන් සීමාවේ කිලෝමීටර් සිය ගණනක් ඇතුලට ගොස් දිමෝනා න්‍යෂ්ඨීක බලාගාරය අසලටම ගිය බව හිස්බුල්ලා ලේකම් ජනරාල් නස්රෙල්ලා ඔක්තෝබර් 11 වනදා රූපවාහිනී කතාවකින් කියා ඇත. ලෙබනන් විරෝධතා ව්‍යාපාරය කියන්නේ හිස්බුල්ලා වරුන්ගේ හැකියාවට තමන්ද දායක වූ බවයි.

ඉරානයේ නිෂ්පාදිත යානය එකලස් කරන ලද්දේ එම ව්‍යාපාරය විසිනි. මේ සිද්ධිය මගින් පෙනෙන්නේ ඊශ‍්‍රායෙලයේ විවිධාකාර ආරක්ෂක පියවර ඇතත් හදිසි ප‍්‍රහාරයක් වැලැක්වීමේ හැකියාවක් හමුදාවට නැති බවයි.

බුද්ධි අංශ ප‍්‍රවීණයන් කියන පරිදි මෙම යානය දකුණු හේබ්‍රොන්හි යාතිර් වනයට ඉහලින් බිම හෙලීමට පෙර ගාසා ගුවන් තීරයට ඇතුල් වන විට වැලැක්විය යුතුව තිබූ බවයි.

No comments:

Post a Comment