ස්වාධීන රාජ්‍ය මණ්ඩලීය (CIS) රටවල් යලි සෝවියට්කරණයට උත්සාහ කරතැයි යන හිලරි ක්ලින්ටන් ගේ ප‍්‍රකාශය කලාපයේ සිදු වන දේ පිලිබඳ අවබෝධයක් නැති කම පෙන්වතැයි රුසියානු ජනපති මාධ්‍ය ලේකම් කියා ඇත.
කලින් සෝවිට් දේශයට අයිති වූ CIS සාමාජික රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ගෝලීයකරණයේ අමිහිරි යථාර්තයන් වෙනස් කිරීමේ සාමූහික උත්සාහ දරති. මෙම එක්සත් බවේ උත්සාහයන් කලාපය යලි සෝවියට් කරණය කිරීමේ තැතක් බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය කියා ඇත.
ඇත්තෙන්ම රුසියාව හා CIS රටවල් ලොව අනෙක් කලාප ලෙසම විවිධ ආර්ථික හා දේශපාලන සංගම් ඇතිකර ගනිති. ක්ලින්ටන්ට නේටෝව විසින් පැරණි සෝවියට් දේශය විසුරුවා හැරීමට ගන්නා ලද උත්සාහයන් අමතක වී ඇත්දැයි මොස්කවු පුදුමයට පත්වේ. ඇත්ත වශයෙන්ම මෙම බටහිර හමුදා සංධානය එහි අරමුණෙන් බැහැරව ඇති නිසා විසුරුවා හැරිය යුතුයයි බොහෝ රුසියානුවෝ විශ්වාස කරති.
මේ අතර ක්ලින්ටන් අදට සාපේක්ෂව සෝවියට් යුගයේ වෙනස්කම් දක්වයි. සෝවියට් යුගයේ මොස්කවු හරහා තීරණ ගන්නා ලද අතර අද වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තීරණ ගැනෙයි.
වර්තමාන ලෝකයේ ආර්ථික උච්ඡවචනය, ආර්ථික අවිනිශ්විත බව, අනාවැකි පල කිරීමේ නොහැකියාව, අර්බුද ආදිය බලන කල එක්සත් වීමේ නැඹුරුතාවයන් ඇතිවන බව පූටින්ගේ ප‍්‍රකාශක දිමිත‍්‍රි පෙස්කොව් කියා ඇත. ගිය වසරේ පූටින් යුරේසියානු සංගමය නම් එකමුතුවක් ගැන සැලසුමක්ද නිවේදනය කර ඇත.
රුසියාව හා අනෙකුත් CIS රටවල් අතර වෙනත් සංගම් වන්නේ සාමූහික ආරක්ෂක එකඟතා සංවිධානය (CASTO) සහ තීරුබදු සංගමය ආදියයි.

No comments:
Post a Comment