Pages

12/24/12

චීනය අධිවේගී වේ

චීනය අධිවේගී වේ, ලොව දිගම අධිවේගී දුම්රිය මග චීනයේ

ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය චීනය විසින් සාර්ථකව අත්හදා බලා ඇත. පැය දෙකහමාරකින් පමණ කිලෝ මීටර් 700ක පමණ දුරක් මෙම මාර්ගයේ ගිය හැක. බීජිං සිට ගුවැන්ෂොවු දක්වා කි.මී. 2298ක් දිග මෙම මාර්ගයේ පැයට කි.මී. 300 කට වැඩි වේගයෙන් යාමට මාධ්‍යවේදීන් 100කට වඩා අවස්ථාව ලැබී තිබුණි.
බීජිං සිට ෂෙන්ෂොවු දක්වා කි.මී.693ක දුරක් යාමට ගතවූයේ පැය 2.5 ක් පමණි. දෙසැම්බර් 26 වන විට මාර්ගය සම්පූර්ණයෙන් විවෘත වනු ඇති අතර දැනට පැය 20කට වඩා යන ගමනට එවිට ගතවනු ඇත්තේ පැය 8ක් පමණි. දුම්රිය ස්ථාන 35ක් ඇති මෙම මාර්ගය පැයට කිලෝ මීටර් 350 ක වේගයක් සඳහා සැලසුම් කර ඇත.

පලමු චාරිකාවට ප‍්‍රවේශපත‍්‍ර 2000ක් පමණ විකිණී ඇති අතර එහි ගාස්තුව යුවාන් 865ක් (ඩොලර් 138*ක් පමණ වෙයි.  වායුගතික විද්‍යාවට අනුකූලව නිපදවන ලද බුලට් දුම්රියේ ශඛ්දය ඉතා අඩුවන අතර හාන්සිපුටු සහ ගුවන් යානයකට ඒවාට වඩා ඉඩකඩ ඇති සුදුයකඩ වැසිකිලි වලින්ද සමන්විතය.

2007 දී ඇරඹුනු චීන අධිවේගී දුම්රිය මාර්ග ජාලය මේ වන විට කි.මී. 8358 ක දුරක් ආවරණය කර ඇති අතර 2020 වන විට 16000ක් කරා යාම ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

No comments:

Post a Comment