Pages

12/21/12

මුස්ලිම්වරු සමලිංගික විවාහ පනතින් නිදහස් වීමක් ඉල්ලති

ඇමරිකානු රජය සමලිංගික විවාහ අනුමත කරන පනතක් යෝජනා කලත් එංගලන්තයේ සහ සහ වේල්ස් පල්ලි වලට එකම වර්ගයේ යුවල වලට ආශිර්වාද කිරීම තහනම් කර ඇත. එවැනිම නිදහස් කිරීමක් ඉල්ලා සිටින මුස්ලිම් පල්ලි වල විවේචනයට මෙය හේතු වී ඇත. කෙටුම්පතේ මෙම පල්ලි දෙකෙහි පමණක් නම් විශේෂයෙන් සඳහන් කිරීම සමලිංගික විවාහ වලට විරුද්ධ අනෙක් ආගම් වලද දොෂාරෝපණයට ලක්වෙයි.
මේ පනතින් තමන් තැතිගත් බව කියන බි‍්‍රතාන්‍ය මුස්ලිම් කවුන්සලයේ ලේකම් ජනරාල් ෆාරුක් මුරාඞ් ඒ පිලිබඳව බි‍්‍රතාන්‍ය සංස්කෘතික ලේකම් මාරියා මිලර් සමඟ විරෝධය දන්වන සාකච්ඡුාවක් පවත්වන බව කියයි. හොඳසිහිය ඇති අය මෙම පනත අනුමත නොකරනු ඇතැයි ඔහු කියයි. නමුත් මිලර් ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පනත මගින් කිසිදු පල්ලියකට සමලිංගික විවාහ ලියාපදිංචියට හෝ විවාහ උත්සව පැවැත්වීමට බල කිරීමක් සිදු නොවේ.

මෙම නිතිය මගින් ආගමික සථාන වලට සමලිංගික විවාහ සිදු කිරීමේ මාර්ගයක් ලබා දෙන අතර එය ප‍්‍රතික්ෂෙප කිරීමට එරෙහිව නඩු නෙපැවරිය හැකි වනසේ සමානාත්මතා පනතද සංශෝධනය කර ඇත. එංගලන්ත සහ වේල්ස් පල්ලි වල දේවගැති වරුන්  ඕනෑම විවාහයට සුදුසු දෙපලක් විශ්වාසය නොසලකා විවාහ ගැන්වීම අනිවාර්ය වුවත් සමලිංගික විවාහ ඔවුන්ගේ ධර්ම නීතියට පටහැණි නිසා ඉන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත.

එංගලන්තයේ ඇතැම් ආගමික නිකායන් සමලිංගික විවාහයට කැමති වුවද ඇංග්ලිකන්, රෝමානු කතෝලික, මුස්ලාම් සහ යුදෙවු ආගම් ඊට විරුද්ධ වෙති. විවාහ වූ යුවලකට ඇති අයිතිවාසිකම් සමලිංගිකයන්ට ලබා දෙන ‘සිවිල් සම්බන්ධතාවය’ නම් එක්වීමේ කි‍්‍රයා පිලිවෙලක් බි‍්‍රතාන්‍ය 2006 දී හඳුන්වා දුන්නත් එය විවාහයක් ලෙස පිලි නොගැනේ. මෙම පනත සම්මත වුවොත් 2014 වන විට සමලිංගික විවාහ සිදු වීමට ඇරඹෙනු ඇත.

No comments:

Post a Comment