සූර්යයාට ආසන්නවම සමානවන තාරකාවක් වන ටෝ සෙටි වටා ඇති ග‍්‍රහලෝක 5 න් එකක් ජීවත් විය හැකි කලාපයේ ඇතැයි විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත. එය තහවුරු කර ගැනීමට හැකි වුවොත් ජීවත් විය හැකි ආසන්නම ග‍්‍රහලොව එය වනු ඇත.
පෘථිවියට ආලෝක වර්ෂ 12 ක් දුරින් පිහිටි සෙටි අපගේ සූර්යයා අයිති වර්ගයේම තරුවකි. එසේ සමාන තරු ඉතා දුර්ලභ වන අතර එක සමාන ලක්ෂණ ඇත්තේ තරු 25 කින් එකකටය.
මෙම ග‍්‍රහලෝක අනාවරණය කරගෙන ඇත්තේ ඍජු නිරීක්ෂණයෙන් නොව ඒවායේ ගුරුත්වාකර්ෂණ බල උපයෝගී කරගත් ගණනයකිනි. මෙය ඉතා අපහසු කටයුත්තක් වුවත් ඇමරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ විද්‍යාඥයන් සංකීර්ණ මෙවලම් මගින් එය වෙන්කර ගැනීමට සමත් වී ඇත.
HD 10700e ලෙස නම්කර ඇති ග‍්‍රහලෝකයේ උෂ්නත්වය ද්‍රව ජලය තිබිය හැකි මට්ටමක ඇත. පෘථිවිය මෙන් 2-6 ගුණයක් පමණ එය විශාල විය හැකිය. සිය සූර්යයා වට දින 168 කට වරක් පරිභ‍්‍රමණය වේ. මෙය මේ වසර මුලදී සොයාගත් ඇල්ෆා සෙන්චූරි තරුවට වඩා තුන් ගුණයක් දුරින් පිහිටයි.
HD 10700e ජීවයට සුදුසු ග‍්‍රහලොවක් දැයි තහවුරු කර ගැනීමට එය සෑදී ඇත්තේ මොනවායින්ද? එහි වායුගෝලයේ සංයුතිය කුමක්ද ආදිය සොයා ගත යුතුය. මෙම ව්‍යාපෘතියේ තාරකා විද්‍යාඥයන්ට අනුව ඒ සඳහා වසර 10ක් පමණ යනු ඇත.
ටෝ සෙටි පිලිබඳ අධ්‍යයනය කිරීමට කැමති අය සඳහා මෙම විස්තර ප‍්‍රසිද්ධ කර ඇත. චිලී හා හර්ට්ෆෝඞ්ශයර් විශ්වවිද්‍යාල මහාචාර්ය ජේම්ස් ජෙන්කින් ට අනුව මෙම තොරතුරු තහවුරු කිරීම සෙටිගේ දීප්තිමත් බව නිසා පහසු වනු ඇත.

No comments:
Post a Comment