Pages

11/30/12

දුම්කොල සමාගම්වලට මහජනයාගෙන් සමාව ඉල්ලන්නැයි උසාවි නියෝග

මහජනයා නොමඟ යැවීමේ වරද ප‍්‍රසිද්ධියේ පිලි ගන්නා ලෙස ඇමරිකානු විනිශ්චයකාරිනියක දුම්කොල සමාගම් වලට නියෝග කර ඇත. කර්මාන්ත කරුවන් මේ වෙනුවෙන් ප‍්‍රචාරණ ව්‍යාපෘතියක් කිරීමට අවශ්‍ය වේ. එමගින් දුම් බීමේ අවදානම දැක්වෙන පාඨ ප‍්‍රදර්ශනය කිරීමට බල කෙරේ.
ඇමරිකාවේ දිස්ත‍්‍රික් විනිශ්චකාරිනී ග්ලැඩිස් කෙස්ලර් කියා ඇත්තේ කර්මාන්ත කරුවන් මෙම ශෝධක ප‍්‍රකාශනයන් ප‍්‍රසිද්ධ කිරීම සඳහා වියදම් කල යුතු බවයි.

මෙසේ ප‍්‍රකාශ කිරීමට නියමිත එක් පාඨයක් නම් ‘මිනී මැරුම්, ඒඞ්ස්, දිවි නසා ගැනීම්, මත්ද්‍රව්‍ය,අනතුරු හා ඇල්කොහොල් වල එකතුවට වඩා දුම්බීම මරණීය’ බවයි. අක‍්‍රීය දුම් පානය නිසා වසරකට ඇමරිකාවේ 3000 කට වඩා මියයති. මෙම ප‍්‍රකාශන උසාවියේ සොයා ගැනීම් මත පදනම් වූ බව කෙස්ලර් කියයි.

ALTRIA GORUP INC, RJ REYNOLDS TOBACCO CO. වැනි දුම්කොල සමාගම් කියා සිටින්නේ ඔවුන් මෙම නියෝගය පිලිබඳව සමාලෝචනය කරමින් සිටින අතර ඉදිරි පියවරවල් ගැන සලකා බලන බවයි.

ඇතැම් සමාගම් මෙම ප‍්‍රකාශයන් ඉවත් කර ගන්නා ලෙස කියන්නේ ඒවා බලහත්කාර පාපොච්ඡරණ සහ ගමන්ට අවමාන වන ඒවා බව කියමිනි. ඒ වෙනුවට ඔවුන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය බලපෑම් සහ දුම්බීමට ඇබ්බැහි වීම පිලිබඳ ප‍්‍රකාශන ඇතුලත් කල හැකි බවයි.

මාධ්‍ය සහ දුම්කොල සමාගම් වලට පෙබරවාරියේදී නීති දෙපාර්තමේන්තුවෙහි තමා හමුවී මේ පිලිබඳ සාකච්ඡ කිරීමට වීසුරුවරිය දන්වා ඇත. මේ පිලිබඳව අවසන් තීරණය මාර්තුවේ දී නිකුත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment